Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අටවැනි සතිය නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු 7 ක් සමග ලකුණු 42 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මෙවර තරගාවලිය තුළ හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණි පළමු අවස්ථාවද මෙය විය.
තරගාවලියේ මූලික වටය තුළ හැව්ලොක්ස් කණ්ඩායම සහභාගි වන තරග 8 ම මේ වන විට නිමාවට පත්ව ඇති අතර එහිදී ඔවුන් පරාජයට පත් වූයේ මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පමණි. සති කිහිපයක් පුරා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ හැව්ලොක්ස් ක්‍රීඩකයන් එහි පෙරමුණට පැමිණියේ අටවැනි සතියේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමිනි.
හැව්ලොක්ස් කණ්ඩායමේ ඉහළ නැගීමත් සමග එතෙක් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි සී.ආර්. කණ්ඩායම එහි තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද වැටිණ. මේ වන විට තරග 7 කට සහභාගී වෙමින් ප්‍රසාද ලකුණු 7 ක් සමග තරග 6 ක් ජයගෙන සිටින සී.ආර්. ක්‍රීඩකයන් ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 37 කි.
හැව්ලොක්ස් සහ සී.ආර්. කණ්ඩායම් දෙකට මැදිව ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින මහනුවර ක්‍රීඩා සමාජය මෙතෙක් සහභාගි වූ තරග 7 ම ජයගෙන තවදුරටත් තරගාවලිය තුළ අපරාජිතව සිටියි. එහිදී ප්‍රසාද ලකුණු 6 ක් සමග මුලු ලකුණු 41 කට හිමිකම් කීමට මහනුවර ක්‍රීඩකයන් සමත්ව සිටින අතර ඔවුන්ට ප්‍රසාද ලකුණක් අහිමි වූයේ හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පමණි.
ගුවන් හමුදාව ප්‍රසාද ලකුණු 3 ක් සමග තරග 4 ක් ජයගෙන ලකුණු 23 ක් ලබා ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවේ. යුද හමුදාව එහි පස්වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 3 ක් සමග තරග 3 ක් ජයගෙන ලකුණු 18 කට හිමිකම් කියමිනි. කෙසේ වුවත් මූලික වටය අවසානයේ ඉහත කණ්ඩායම් 3 සමගින් තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවන්නේ මෙම කණ්ඩායම් දෙකෙන් එකකට පමණි.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.
අටවැනි සතියේ තරග ප්‍රතිඵල
■ යුද හමුදාව ලකුණු 49-22 කින් නාවික හමුදාව පරදවයි.
■ ගුවන් හමුදාව ලකුණු 29-27 කින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරදවයි.
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 43-22 කින් පොලිසිය පරදවයි.
■ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 53-42 කින් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.