Last Update  :  2023-09-28 19:08:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Rugby සභාපති කුසලාන ශාන්ත ජෝන් විදුහලට
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

සභාපති කුසලාන ශාන්ත ජෝන් විදුහලට

editorial - 2023 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් රග්බි සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ‘සභාපති කුසලාන’ දිනාගැනීමට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අද (17 වැනිදා) සමත් විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහලට එරෙහිව ලකුණු 27-00 ක පහසු ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝන් විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.  

උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ, පළමු අර්ධය නිමාවට පත්වන විට
ලකුණු 10-00 ක් ලෙස පෙරමුණ ගත්හ.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් තවත් ලකුණු 17 ක් රැස්කළ ශාන්ත ‍ජෝන් විදුහල, තරගය නිමාවට පත්වන තෙක්ම ලලිත් ඇතුළත්මුදලි විදුහලට ලකුණු ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්නේය.


අදහස් (0)

සභාපති කුසලාන ශාන්ත ජෝන් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.