Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරගාවලි මාලාවේ පස්වැනි අදියරේ ප‍්‍රධානතම තරගය වූ ආණ්ඩුකාර කුසලාන තරගය ජයගැනීමට දිනේෂ් විසින් මෙහෙයවන ලද රොස්වල්ඞ් අශ්වයා සමත් විය.
මීටර් 2000 ක දුරකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි ස්ථානය එස්. ඞී. මහේෂ් විසින් මෙහෙයවන ලද ඇල්කසබා අශ්වයාට හිමි වූ අතර එහි තෙවැනි ස්ථානය එන්. එස්. පාමර් විසින් මෙහෙයවන ලද ඔගස්ටස් අශ්වයාට හිමිවිය.
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය ඉකුත්දා නුවරඑළිය තුරඟ තරග පිටියේදී නිමාවට පත්විය.
ඉකුත් 16 වැනිදා පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා තුරඟ තරග ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල (රුපියල් මිලියනයක්) පිරිනැමුණ ‘කුනිගල් ස්ටඞ් මැජික් මිලියන්’ තරගය ජයගත් චාල්ටන් අශ්වයා මෙම තරගය අතරතුරදී අබාධයකට ලක්වීම නිසා තරගයෙන් ඉවත් විය.
තවත් ප‍්‍රධානතම තරගයක් වූ ‘ඌෂා ස්ටඞ් ෆාම් කුසලාන’ තරගය (මීටර් 1400) ජය ගැනීමට ඉර්වාන් සිං විසින් මෙහෙයවන ලද ස්පියර් හෙඞ් අශ්වයා සමත් වූ අතර එහි දෙවැනි ස්ථානයද දිනේෂ් විසින් මෙහෙයවන ලද ඇරබියන් ගෝල්ඞ් අශ්වයාට හිමි විය.
ආණ්ඩුකාර කුසලාන තරගය ජයගත් රොස්වල්ඞ් අශ්වයාගේ හිමිකාරිණිය වූ දීප්තිකා ජයකොඩි මෙනවියට රුපියල් 300,000 ක මුදල් ත්‍යාගයක්ද, ඌෂා ස්ටඞ් ෆාම් කුසලාන තරගය ජයගත් ස්පියර් හෙඞ් අශ්වයාගේ හිමිකරුවන් වූ රියෙන්සි එඞ්වර්ඞ් මහතාට සහ පූර්ණි එඞ්වර්ඞ් මහත්මියට රුපියල් 250,000 ක මුදල් ත්‍යාගයක්ද පිනැරිමිණි.
‘ක්වීන් ඔෆ් ද හිල්’ අශ්වයා මෙහෙය වූ කේ. ලෝගේෂ්වරන්, මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ‘සන්ඬේ ටයිම්ස්’ අභියෝගතා කුසලාන තරගය ජය ගැනීමට සමත් විය.
තරග 7 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඒ. එන්. අරුමපුර, අජන්ත ද සොයිසා, අණුක සූසා, නදීරා මඩුගල්ල, නවීන් මාධව බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, ආනන්ද බණ්ඩාර, නිහල් ප‍්‍රනාන්දු, එම්. සුදාගර්, ශ්‍රී සිංහගේ ලොකුහේවා, යශික අරපක්ෂ, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, එස්. ලෝගනාදන් සහ එස්. පෙරියසාමි යන මහත්ම මහත්මීන්ට අයත් අශ්වයන් 35 ක් පමණ තරග වැදුණි.
ලංකා කම්කරු කොංග‍්‍රස් පක්ෂයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරිණී නිලූකා ඒකනායක, නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම යන මහත්ම මහත්මීහු තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ.
මෙම තරගාවලියෙන් අනතුරුව වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා නුවරඑළිය තුරඟ තරග පිටිය තාවකාලිකව වසා තැබෙන අතර අගෝස්තු මස 6 වැනිදා ආරම්භ වන තුරඟ තරගාවලිය සඳහා එය නැවත විවෘත කෙරේ.
තරග වැදුණ අශ්වයා, එම අශ්වයා මෙහෙය වූ අසරුවා සහ අශ්වයාගේ හිමිකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප‍්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.
තරග ප‍්‍රතිඵල
ආණ්ඩුකාර කුසලාන (මීටර් 2000)
1 රොස්වර්ල්ඞ් - දිනේෂ් - දීප්තිකා ජයකොඩි
2 අල්කසාබා - එස්. ඞී. මහේෂ් - දීප්තිකා ජයකොඩි
3 ඔගස්ටස් - එන්. එස්. පාමර් - ඉසිර දිසානායක
ඌෂා ස්ටඞ් ෆාම් කුසලාන (මීටර් 1400)
1 ස්පියර් හෙඞ් - ඉර්වාන් සිං - රියෙන්සි එඞ්වර්ඞ් සහ පූර්ණි එඞ්වර්ඞ්
2 ඇරබියන් ගෝල්ඞ් - දිනේෂ් - රියෙන්සි එඞ්වර්ඞ් සහ පූර්ණි එඞ්වර්ඞ්
3 සැන්ඞ්ස්ට්‍රොම් - එස්. සුගනාදන් - දීප්තිකා ජයකොඩි
සී. ඩබ්ලිවි. සී. කුසලාන (මීටර් 1400)
1 සුප‍්‍රීම් - ඉර්වාන් සිං - දීප්තිකා ජයකොඩි
2 අයිස් ලෑන්ඩික් - එස්. සුගනාදන් - හසංග ජයරත්න
3 ඉන්දියන් එපික් - එන්. එස්. පාමර් - ඉසිර දිසානායක
ශ්‍රීමත් හෙන්රි මැක්ලම් කුසලාන (මීටර් 1200)
1 බියුටිෆුල් ලන්කන් - එන්. එස්. පාමර් - ඉසිර දිසානායක
2 ඩොන් හසා - එස්. සෙල්වරත්නම් - ජයරත්න අශ්වගාල
3 ක‍්‍රිම්සන් ක්වෙස්ට් - එස්. සුගනාදන් - ජයරත්න අශ්වගාල
නගරාධිපති කුසලාන (මීටර් 1600)
1 ස්ටොක් වේල් - එන්. එස්. පාමර් - ඉසිර දිසානායක
2 ස්ටෝමී පෙට්රල් - එස්. ඞී. මහේෂ් - අංජලී අශ්වගාල
3 ක‍්‍රිස්මස් කේක් - එම්. මෝහන් රාජ් - ඒ. එන්. අරුමාපුර සහ ජේ. ආර්. ඉරුගල් බණ්ඩාර
සන්ඬේ ටයිම්ස් අභියෝගතා කුසලාන (1400)
1 ක්වීන් ඔෆ් ද හිල් - කේ. ලෝගේෂ්වරන් - ආර්. එම්. සී. කේ. රාජපක්ෂ
2 ලෙගාසී - එම්. මෝහන්රාජ් - මාධව බණ්ඩාර
3 එයාර්බෝන් ෂෂ - දිනේෂ් - අජන්ත ද සොයිසා
ඇල්ෆයින් කුසලාන (මීටර් 1000)
1 අරුන්දතී - කේ. සංජීවන් - එස්. පෙරියසාමී
2 ජොනී - එම්. මෝහන්රාජ් - ආනන්ද බණ්ඩාර
3 සිටි ෂොට් - එල්. ලෝගන්ද්‍රන් - එස්. ලෝගනාදන්
ස්පියර් හෙඩ් අශ්වයා මෙහෙය වූ ඉර්වාන් සිං සහ හිමිකරුවන් වන රියෙන්සි එඩ්වර්ඩ් සහ පූර්ණි එඩ්වර්ඩ් ඌෂා ස්ටඞ් ෆාම් කුසලාන දිනාගනිමින් ...
රොස්වර්ල්ඞ් අශ්වයා මෙහෙය වූ දිනේෂ් සහ හිමිකාරිණිය වූ දීප්තිකා ජයකොඩි ආණ්ඩුකාර කුසලාන දිනා ගනිමින්...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.