Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශී‍්‍ර ලංකාවට රිදී පදක්කමක්

ශී‍්‍ර ලංකාවට රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලියේ මීටර 50 සමනල ආර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩක අකලංක පීරිස් සමත්විය. තත්පර 25.40 කින් තරගය නිම කරමින් අකලංක, මෙම දස්කම දැක්වීය.
 
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ඉගෙනුම ලබන අකලංක රෙයින්බෝ ජල ක‍්‍රීඩා සමාජයේ පුහුණුවීම්වල නිරතවන ක‍්‍රීඩකයෙකි.

තරගාවලියට සහභාගිවී සිටින මහනුවර මහාමායා විදුහලේ උත්තමා සිල්වා, මීටර 400 නිදහස් ආර ඉසව්ව විනාඩි 4.57.95 කින් අවසන් කර අට වැනි ස්ථානය ලැබුවාය.

කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ ඉමේෂ් චතුරංග මීටර 200 පසුපස ආර ඉසව්වෙන් (වි.2.23.03) අට වැනි ස්ථානය ද, රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ උෂාන් ගුණරත්න මීටර 50 සමනල ආර ඉසව්වෙන් (තත්. 26.64) අට වැනි ස්ථානය ද ලැබුහ.

මීටර 200×4 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වලදී ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක හය වැනි සහ හත්වැනි ස්ථානයට පත්විය.

මේ මස 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 31 දෙනෙක් සහභාගිවී සිටිති.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.