Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ලකී පාපැදි ශූරයාට ලක්‍ෂ 3 ක්

ලකී පාපැදි ශූරයාට ලක්‍ෂ 3 ක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක් දින පාපැදි තරගයක වැඩිම තෑගි මුදලක් ප‍්‍රදානය කෙරෙන ‘ලකී පාපැදි සවාරිය ලබන සිකුරාදා (13) පෙරවරු 8.30ට බොරැල්ල කැම්බල් පිටිය අසළින් ආරම්භ වේ. කිලෝ මීටර 153.3ක් දුරැති මෙම පාපැදි තරගය විවෘත ස්ටෑන්ඩට් පාපැදි තරගයක් ලෙස පැවැත්වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ප‍්‍රධාන ‘හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර’ පදනම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා අනුස්මරණය කරමින් සංවිධානය කෙරෙන මෙහි ජයග‍්‍රාහකයාට රුපියල් ලක්‍ෂ තුනක ත්‍යාග මුදලක් ප‍්‍රදානය කෙරේ.

මෙම පාපැදි සවාරිය ආරම්භ කරමින් පළමු කිලෝ මීටර් 12 ප‍්‍රදර්ශන පාපැදි සවාරියක් ලෙස කඩුවෙල රග්ගහවත්ත දක්වා පැවැත්වේ.

බොරැල්ල, දෙමටගොඩ, කොළොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, අංගොඩ හංදිය, අඹතලේ වැලිවිට හරහා මෙම ප‍්‍රදර්ශන තරගය පැවැත්වේ.

තරගය ආරම්භ වන්නේ කඩුවෙල නගරයෙනි. එතැන් සිට නවගමුව, හංවැල්ල, කළුඅග්ගල, කොස්ගම, පුවක්පිටිය, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර උසාවිය හංදිය රත්නපුර නව නගරය දක්වා ගොස්, ආපසු හැරී එම මාර්ගය ඔස්සේම අයි.ඞී.එච්. නගරය ගොතටුව හරහා කොළොන්නාව නගර සභාව අසල පිහිටි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ කාර්යාලය අසළින් අවසන් කෙරේ.

මෙම තරගයේ දෙවැනි ස්ථානයට රුපියල් ලක්‍ෂ දෙකක්ද, තෙවැනි ස්ථානයට රුපියල් ලක්‍ෂයක්ද සිව්වැනි ස්ථානයට රුපියල් 75,000ක්ද, පස්වැනි ස්ථානයට රුපියල් 50,000ක් ද වන පරිදි 20 වැනි ස්ථානය දක්වා රුපියල් ලක්‍ෂ නවයක ත්‍යාග මුදල් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

එදින පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ කෙරෙන සංගීත ප‍්‍රසංග වේදිකාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ජයග‍්‍රාහි තරගකරුවන්ට ත්‍යාග ප‍්‍රදානය කෙරේ.

මෙතෙක් පැවති එක් දින පාපැදි තරගයකදී ප‍්‍රදානය කෙරෙන වැඩිම ත්‍යාග මුදල මෙය වන බව ලකී පාපැදි සවාරියේ ප‍්‍රධාන සම්බන්ධිකරණ නිලධාරි තරගයේ ප‍්‍රධාන විනිසුරු සුමිත් බාලසූරිය මහතා පවසයි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් තරගය සංවිධානය කෙරේ.

 


අදහස් (0)

ලකී පාපැදි ශූරයාට ලක්‍ෂ 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.