Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner යුද - නාවික හමුදා වැඩි ගෞරව දිනති

යුද - නාවික හමුදා වැඩි ගෞරව දිනති

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව සමත්විය. පිරිමි අංශයේදී රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 5 ක්ද, කාන්තා අංශයේදී රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක්ද දිනාගනිමින් යුද හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ දස්කම් දැක්වූහ.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ දිලිප් රුවන් සංජීව තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසත්, ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදාවේ හර්ෂණී චමෝදි පස්යාල දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ මාස් එම්.ඞී.එස්. කී‍්‍රඩා සමාජයේ ඞී. ප‍්‍රසංග දිල්ෂාන් දක්ෂතම පරාජිතයා බවට පත්වූ අතර ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ මාස් සිලූවේටා කී‍්‍රඩා සමාජයේ නිමේෂා ලක්මාලි සිල්වා තරගාවලියේ දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව බවට පත්වූවාය.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධනය කළ මෙම තරගාවලියට මාස් සමූහ ව්‍යාපරය නියෝජනය කරන ස්ලිම්ලයින්, මාස් සදර්න්, යුනිචෙලා, සිලූවේටා, කැෂුවලයින්, ගාන්ධාර සහ ලීනියා යන කී‍්‍රඩා සමාජද, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසියද, දිවයින පුරා පාසල් රැසක්ද නියෝජනය කරමින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 175 ක් පමණ සහභාගි වූහ.  

හිටපු ජාතික බොක්සිං ශූරයකු මෙන්ම ප‍්‍රවීණ බොක්සිං පුහුණුකරුවකුද වන සී. අයි. මෙන්ඩිස් මහතා තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

 

පිිරිමි තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
ජී. කේ. කුමාර (නාවික හමුදාව) විසින් කේ. සින්දුජන් (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
වී. ඞී. සංජීව (නාවික හමුදාව) විසින් ඊ. ඞී. දිල්ෂාන් (මාස් එම්. ඞී. එස්.) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
බී. ආර්. කුමාර (යුද හමුදාව) විසින් ඒ. කේ. මධුරංග (විද්‍යාරථන විශ්ව විද්‍යාල පීඨය) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
ඒ. එම්. අධිකාරි (නාවික හමුදාව) විසින් එච්. ඒ. දේවප‍්‍රිය (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර්  (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
ආර්. ඩබ්ලිව්. රාජකරුණා (යුද හමුදාව) විසින් එච්. එම්. මැදවත්ත (යුද හමුදාව) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ඩබ්ලිව්. ජී. විජේනාග (ගුවන් හමුදාව) විසින් පී. ඒ. රූපසිංහ (යුද හමුදාව) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ජේ. ඒ. සම්පත් (යුද හමුදාව) විසින් එම්. ඒ. කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
 
ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
එස්. ඒ. සමරවීර (ගුවන් හමුදාව) විසින් ඒ. එල්. අමරසිංහ (යුද හමුදාව) පරාජය කරන ලදි.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
ඩබ්ලිව්. ඒ. ප‍්‍රභාත් (යුද හමුදාව) විසින් ඒ. ඞී. රත්නායක (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
බී. එච්. සිල්වා (නාවික හමුදාව) විසින් ඒ. ජී. ගුණවර්ධන (යුද හමුදාව) පරාජය කරන ලදි.


කාන්තා තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
එච්. එම්. වීරසිංහ (මාස් කැෂුවල් ලයින්) විසින් ජී. එම්. දිල්ෂානි (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
පී. ඒ. පස්යාල (ගුවන් හමුදාව) විසින් එන්. එල්. සිල්වා (මාස් සිලූවේටා) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
ඒ. කේ. කුමාරි (මාස් ලීනියා) විසින් එන්. ජී. බටුවිට (යුද හමුදාව) පරාජය කරන ලදි.

ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
එල්. එම්. මධුවන්ති (යුද හමුදාව) විසින් ආර්. වී. සිරිමාන්න (මාස් තුරුලි) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
එස්. ජී. සඳමාලි (පොලිසිය) විසින් ඞී. එල්. ධර්මසේන (පොලිසිය) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
පී. කේ. රණතුංග (යුද හමුදාව) විසින් ඩබ්ලිව්. එම්. සමරතුංග (මාස් යුනිචෙලා) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ජේ. එම්. ජයසුන්දර (මාස් ලීනියා) විසින් කේ. එස්. චේතනා (මාස් තුරුලි) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
වයි. එස්. මධුෂානි (මාස් සිලූවේටා) විසින් ඩබ්ලිව්. ඞී. පෙරේරා (කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය) පරාජය කරන ලදි.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ආර්. එම්. රත්නායක (මාස් සිලූවේටා) විසින් ජේ. ඒ. ජයසිංහ (පොලිසිය) පරාජය කරන ලදි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම කී‍්‍රඩකයා - දිලිප් රුවන් සංජීව
(ඡායාරූපය - ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම කී‍්‍රඩිකාව - හර්ෂණී චමෝදි පස්යාල
(ඡායාරූපය - ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම පරාජිතයා - ඞී. ප‍්‍රසංග දිල්ෂාන්
(ඡායාරූපය - ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව - නිමේෂා ලක්මාලි සිල්වා
(ඡායාරූපය - ශානුක අරවින්ද)

 


අදහස් (0)

යුද - නාවික හමුදා වැඩි ගෞරව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.