Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ලෝක කුසලාන තරග සංචාරය අත ළඟට පැමිණ තිබිය දී නොබෝදා පැවැති ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ කමිටු රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරකින් අවසන්වූ බව වාර්තා වේ.
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී ලබන අගෝස්තු 6 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන දැල්පන්දු ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු 3 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.
රාජ්‍ය සේවා දැල්පන්දු සංගමයේ සභාපතිනි ටි‍්‍රක්සි නානායක්කාර මහත්මිය ඇතුළු දිස්ති‍්‍රක් සංගම් නියෝජිතවරියන් ගණනාවක් එහි දී අදහස් දැක්වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන දැල්පන්දු තරග සංචාරයට කී‍්‍රඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ 80 කට ආසන්න මුදලක් වැය කරන බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර සූදානම්වීම සඳහාය.
ශ්‍රී ලංකා නිල කණ්ඩායමට කී‍්‍රඩිකාවන් හා නිලධාරිනියන් 17 දෙනකු නිල වශයෙන් ඇතුළත් විය යුතු වුවත් එය 18 දෙනෙකු දක්වා ඉහළ යාම පිළිබඳව සංගමයෙන් ප‍්‍රශ්න කළ බව දැන ගන්නට තිබේ.
ආසියානු දැල්පන්දු සංගමයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කරමින් එහි වරප‍්‍රසාද ලබාදීම පිළිබඳවද ටි‍්‍රක්සි නානායක්කාර මහත්මිය ඇතුළු නියෝජිතවරියන් කීපදෙනකු දැඩි ලෙස අදහස් දක්වා තිබේ.
ලෝක ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන ලෝක දැල්පන්දු සංගමයේ මහ සැසිවාරයට වික්ටෝරියා මහත්මිය සහභාගීවීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයට පිරිනැමුණු සාමවිනිසුරු පදවි 10 ක් සඳහා එහි නිලධාරිනියන් නම් කිරීම පිළිබඳවද කමිටු රැුස්වීමේදී දැඩි විරෝධතා ඇතිවී තිබේ. ඒ සඳහා නිලධාරිනියන් නිර්දේශ කළ ආකාරය ගැන තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බැවින් තමා නිර්දේශ නාමලේඛනයෙන් ඉවත් කරන ලෙස ටි‍්‍රක්සි නානායක්කාර මහත්මිය ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව පත්කිරීමේ දී නියමිත ක‍්‍රමවේදයන් නොසලකා හැරීම, සංගමයේ භාණ්ඩාගාරිකවරිය පත්කිරීමේ ක‍්‍රමවේදය නිවැරදි නොවීම, ඕස්ටේ‍්‍රලියාවේ දී පැවැත්වෙන දැල්පන්දු පුහුණුකාරිනියන්ගේ වැඩමුළුවට නිවාඩු අනුමත කිරීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩිකා කාංචනා ජයවීර අතිරේක ක‍්‍රීඩිකාවක් ලෙස නම්කර තිබියදී ඒ පිළිබඳව ඇගේ සේවා ස්ථානයට දැන්වීමට දැල්පන්දු සංගමය පියවර නොගැනීමෙන් ඇය දුෂ්කරතාවයට පත්වීම, දැල්පන්දු සංගමයේ තරග ලේකම් පී.ඞී. ප‍්‍රසාදි මහත්මිය පුහුණුකාරිනියක් ලෙස කටයුතු කරන බවට චෝදනා ලැබීම ආදී කරුණු ගණනාවක් පිළිබඳවද ටි‍්‍රක්ෂි නානායක්කාර මහත්මිය ඇතුළු නියෝජිතවරියන් අදහස් දැක්වීමෙන් කමිටු රැුස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
මෙම කාරණා සම්බන්ධයෙන් දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මිය ප‍්‍රති චාරදක්වමින් අදහස් දැක්වූ බවද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.