Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘හිමාලයන් අභියෝග කුසලාන’ අන්තර්ජාතික මවුන්ටන් පාපැදි තරගාවලියකට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඬේන් නුගේරා සහ සුමේධ වර්ණකුලසුරිය ඉන්දියාවට ගොස් සිටිති. හෙට (9) ආරම්භවන තරගාවලිය මේ මස 16 වැනිදා දක්වා උතුරු ඉන්දියාවේ නේපාලයට ආසන්න කඳුකර ප‍්‍රදේශයක පැවැත්වේ.
ඇමරිකාව, කැනඩාව, මොන්ගෝලියාව, නේපාලය, සත්කාරක ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යන රටවල් වල මවුන්ටන් පාපැදි තරගකරුවෝ රැසක් ඉදිරිපත්ව සිටිති.
තරගකරුවෝ කඳු පල්ලම් සහිත අති දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ කිලෝමීටර 700 ක දුරක් සිය පාපැදි පැදයති. මෙම තරගයේ ඉතා විශාල කොටසක් පැවැත්වෙන්නේ සම්මත මාර්ගයෙන් පිටත වීම මෙහි ඇති අභියෝගයයි.
ඉන්දීය පාපැදි සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලියේ ජයග‍්‍රාහී තරගකරුවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ලක්ෂ 10 කි.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ඬේන් නුගේරා වඩාත් දුෂ්කර තරග සඳහා විශේෂඥයකු ලෙස සැලකේ. ගුවන් හමුදාවේ ක‍්‍රීඩකයකු වන අතර සුමේධ යුද හමුදාව නියෝජනය කරමින් දේශීය තරගවලට සහභාගිවෙයි. නන්දන බණ්ඩාර සෙනෙවිරත්න ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙදෙනාගේ කළමනාකරු ලෙස මෙම තරග සංචාරයට එක්ව සිටියි.
තරගයේ පළමු දිනය වන අද (9) තරගකරුවෝ නයිනතල් සිට අල්මෝරා දක්වා කිලෝමීටර 85 ක දුරක් පාපැදි පැද යති. දෙවැනි දිනයේ අල්මෝරා සිට ගුවල්දම් නගරය දක්වා කිලෝමීටර 125 ක දුරක් ද, තෙවැනි දිනයේ ගුවල්දම් සිට රුද්‍රප‍්‍රයාග් නගරය දක්වා කිලෝමීටර 152 ක්ද ඔව්හු සිය පාපැදි මෙහෙයවති.
12 වැනිදා කිලෝමීටර 108 ක දුරක් නිව් තෙරී දක්වා ගමන් කරන ධාවකයෝ එහි දිනයක විවේකයක් ලබා ගනිති.
මේ මස 14 වැනිදා නිව් තේරි සිට චිනෙලිසුර් දක්වා කිලෝමීටර 72 ක් තරගය පැවැත්වෙන අතර අවසන් දිනයේ (15) චිනෙලිසුර් සිට මුස්සෝරි නගරය දක්වා කිලෝමීටර 86 ක දුරක් ගෙවා යාමෙන් පසුව තරගය අවසන් වීමට නියමිතය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.