Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජාතික බොක්සිං ශූරතාව යුද හමුදාවට

ජාතික බොක්සිං ශූරතාව යුද හමුදාවට

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති 89 වැනි ජාතික බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදාව සමත් විය. මාස් සදර්න් කී‍්‍රඩා සමාජය විසින් එහි කාන්තා ශූරතාව දිනා ගන්නා ලදි.

රන් පදක්කම් 5 ක් දිනාගනිමින් යුද හමුදාව පිරිමි ශූරතාවට හිමිකම් කී අතර රන් පදක්කම් 3 ක් දිනාගත් නාවික හමුදාවට එහි අනුශූරතාවත්, රන් පදක්කම් 2 ක් දිනාගත් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයට තෙවැනි ස්ථානයත් හිමිවිය.

මාස් සදර්න් කී‍්‍රඩා සමාජය කාන්තා ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 4 ක් දිනාගනිමිනි. රන් පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් බැගින් දිනාගත් තුරුලි කී‍්‍රඩා සමාජයට සහ යුනිචෙලා කී‍්‍රඩා සමාජයට එහි සම අනුශූරතාව හිමිවිය.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60- 64) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ පී. වී. සපරමාදු සම්මාන දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 54-57) බර පංතියෙන් තරග වැදුණ තුරුලි කී‍්‍රඩා සමාජයේ කේ. ඒ. ඞී. ධර්මතිලක සම්මාන දිනාගත්තාය.
 
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60-64) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදාවේ එම්. වයි. එම්. ඩිල්ෂාන් තරගාවලියේ පරාජිතයන් අතර දක්ෂතම කී‍්‍රඩකයා බවටත්, ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 54-57) බර පංතියෙන් තරග වැදුණ මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ බී. එල්. එස්. සඳරේකා පරාජිතයන් අතර දක්ෂතම ක‍්‍රිඩිකාව බවටත් පත්වූහ.  

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට ස්ලිම්ලයින්, මාස් සදර්න්, යුනිචෙලා, සිලූවේටා සහ ලීනියා යන කී‍්‍රඩා සමාජද, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසියද, මහනුවර විද්‍යාර්ථ, රත්නපුර සීවලී සහ කොළඹ රාජකීය යන පාසල්ද, හොරණ විද්‍යාරතන පිරිවෙනද නියෝජනය කරමින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගි වූහ.
 
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා බොක්සිං කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් එච්. එෆ්. රූපසිංහ මහතා සහභාගි විය. හිටපු ජාතික බොක්සිං ශූරයකු වන කේ. වී. ධර්මදාස සහ බොක්සිං විනිසුරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන ඞී. ඞී. සී. මුණසිංහ යන මහත්වරු විශේෂ ආරාධිතයෝ ලෙස ඊට එක් වූහ.

 

පිිරිමි තරග ප‍්‍රතිඵල

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49 -52) බර පංතිය
එම්. වී. බණ්ඩාර (යුද හමුදාව) විසින් මලිත් ප‍්‍රභාෂ්වර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 52 -56) බර පංතිය
ඩබ්ලිව්. ආර්. වීරක්කොඩි (යුද හමුදාව) විසින් පී. ඞී. සුරේෂ් (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.  

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 56 -60) බර පංතිය
ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ජේ. ඩබ්ලිව්. කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60 -64) බර පංතිය
පී. වී. සපරමාදු (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් එම්. වයි. එම්. ඩිල්ෂාන් (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64-69) බර පංතිය
පී. ඞී. ඞී. මධුරංග (යුද හමුදාව) විසින් එස්. ජී. සී. ද සිල්වා (යුද හමුදාව) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 69- 75) බර පංතිය
ඞී. එල්. කුමාර (නාවික හමුදාව) විසින් ඞී. ආර්. විජේරත්න (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 75-81) බර පංතිය
ජී. ඒ. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) විසින් බී. ජී. මධුරසිංහ (යුද හමුදාව) පරාජය කරන ලදි.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 81- 91) බර පංතිය
ජේ. පී. ජයවීර (යුද හමුදාව) විසින් කේ. එම්. කරුණානායක (යුද හමුදාව) පරාජය කරන ලදි.

සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
ඒ. ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් එල්. ටී. බී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

 

කාන්තා තරග ප‍්‍රතිඵල


ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 45-48) බර පංතිය
ඒ. ඒ. කේ. නිල්මිණි (තුරුලි කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්ලිව්. එච්. හේරත් (යුද හමුදාව) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48-51) බර පංතිය
කේ. එච්. ද සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එම්. ජී. දසුනිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 51-54) බර පංතිය
එම්. පී. කුරේ (ගුවන් හමුදාව) විසින් කේ. එම්. කරුණානායක (නාවික හමුදාව) පරාජය කරන ලදි.

ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 54-57) බර පංතිය
කේ. ඒ. ඞී. ධර්මතිලක (තුරුලි කී‍්‍රඩා සමාජය) විසින් බී. එල්. එස්. සඳරේකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 57-60) බර පංතිය
එම්. එම්. ප‍්‍රනාධි (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එල්. උදයංගනී (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60- 64) බර පංතිය
පී. ජයසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් කේ. ඒ. කෞෂල්‍යා (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64 -69) බර පංතිය
ජී. එම්. චන්ද්‍රරත්න (පොලිසිය) විසින් ජේ. එච්. ධර්මසේන (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 69- 75) බර පංතිය
ඒ. ඒ. නිලන්ති (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ජේ. එම්. ජයසුන්දර (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 75-81) බර පංතිය
ඞී. එස්. වීරරත්න (පොලිසිය) විසින් ජේ. ඒ. ජයසිංහ (නාවික හමුදාව) පරාජය කරන ලදි.

සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81 ට වැඩි) බර පංතිය
ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් අයි. ඩබ්ලිව්. චන්ද්‍රසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

 

 

ජාතික බොක්සිං ශූරතාවලියේ විශේෂ අවස්ථා...


අදහස් (0)

ජාතික බොක්සිං ශූරතාව යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.