Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කින්රෝස් මුහුදු පිහිනුම් තරග හෙට වැල්ලවත්තේදී

කින්රෝස් මුහුදු පිහිනුම් තරග හෙට වැල්ලවත්තේදී

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැල්ලවත්ත කින්රෝස් පිහිනුම් සහ ජීවිතාරක්ෂක ක‍්‍රීඩා සමාජය 51 වැනි වරටත් සංවිධානය කරන මුහුදු පිහිනුම් තරගාවලිය ඉරිදා (27 වැනිදා) පෙරවරු 7.30 ට වැල්ලවත්ත මුහුදු තීරයේදී පැවැත්වේ.

තරගකරුවන්ට කිලෝමීටර 10 ක දුරක් මුහුදේ පිහිනීමට සිදුවන මෙම තරගාවලිය දිවයිනේ වැඩිම දුරකින් සමන්විත මුහුදු පිහිනුම් තරගාවලිය ලෙස සැලකේ.

පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබාදීම මෙන්ම ජල විපත්වලට ලක්වන්නන් ගලවා ගැනීමේ අපේක්ෂාවෙන් 1941 වසරේදී කින්රෝස් පිහිනුම් සහ ජීවිතාරක්ෂක ක‍්‍රීඩා සමාජය ආරම්භ කරන ලදි.

මෙවර තරගාවලියට ක‍්‍රීඩා සමාජ 10 කින් තරගකරුවන් 96 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව කින්රෝස් පිහිනුම් සහ ජීවිතාරක්ෂක ක‍්‍රීඩා සමාජයේ මාධ්‍ය ලේකම් බී. එස්. ලක්මාල් මහතා පැවසීය.

තරගාවලියේදී විවෘත පිරිමි සහ කාන්තා ඉසව් දෙකට අමතරව වයස් කාණ්ඩවලින් මෙන්ම වයස්ගතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනේ. අම්බලන්ගොඩ ලයන්ස් මුහුදු පිහිනුම් සමාජය පසුගිය වසරේ කණ්ඩායම් ශූරතාව දිනාගත්තේය.

පසුගියදා ගල්කිස්සේදී පැවැති 79 වැනි සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ ශූරයා වු තරිඳු උදයංග පසුගිය වසරේ මෙම තරගාවලියේ ද ශූරයා විය.

කින්රෝස් මුහුදු පිහිනුම් තරගවලිය සඳහා ලංකා බැංකුව අනුග‍්‍රහය දක්වයි.

 


අදහස් (0)

කින්රෝස් මුහුදු පිහිනුම් තරග හෙට වැල්ලවත්තේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.