Last Update  :  2025-06-30 10:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අයි.එෆ්.එස්. ක්‍රීඩිකාවන්ට 27-18 ක ජයක්

අයි.එෆ්.එස්. ක්‍රීඩිකාවන්ට 27-18 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී එස්.සී.බී. කණ්ඩායමට එරෙහිව ලකුණු 27-18 ක ජයක් වාර්තා කිරීමට අයි.එෆ්.එස්. කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 11-8 ක් ලෙස පෙරමුණ ගත් අයි.එෆ්.එස්. ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 16 ක් එක්කර ගත්හ. එහිදී එස්.සී.බී. කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

ලකුණු 16 ක් රැස්කළ අයි.එෆ්.එස්. කණ්ඩායමේ හර්ෂා පෙරේරා එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගය කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.


- 036

 


අදහස් (0)

අයි.එෆ්.එස්. ක්‍රීඩිකාවන්ට 27-18 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.