Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ‘චාල්ටන්’ නැවතත් 30 දා තරග බිමට එයි

‘චාල්ටන්’ නැවතත් 30 දා තරග බිමට එයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ පස්වැනි තරගාවලිය ලබන 30 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. ඉන්දියාවේ උෂා අශ්වගාලේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධානතම තරගය ‘ආණ්ඩුකාර කුසලාන’ වෙනුවෙන් පැවැත්වේ.


ඉකුත් සති අන්තයේදී පැවැති සිව්වැනි අදියරේදී විවේකගන්වා තිබූ දීප්තිකා ජයකොඩි මෙනවියට අයත් ‘චාල්ටන්’ අශ්වයා මෙම අදියර සඳහා තරග වදිණු ඇත. ශ්‍රී ලංකා තුරඟ තරග ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදලක් (රුපියල් මිලියනයක්* පිරිනැමුණ තරගය ජයගත් අශ්වයා වන්නේද චාල්ටන් අශ්වයාය. ඉකුත් 16 වැනිදා පැවැති තරගාවලියේ ප‍්‍රධානතම තරගය වූ ‘කුනිගාල් ස්ටඞ් මැජික් මිලියන්’ තරගයේ ජයගැනීම හේතුවෙන් චාල්ටන් අශ්වයාගේ හිමිකාරිය වූ ජයකොඩි මෙනවියට එම ත්‍යාග මුදල හිමිවිය.


කීර්තිමත් පෝලෝ කී‍්‍රඩකයකුද වන මේජර් පී. කේ. මේරාගේ අදහසක් අනුව 30 වැනිදා පැවැත්වෙන තරගාවලියට සුවිශේෂී ඉසව් දෙකක් එක්කිරීමට ඉන්දියාවේ ඌෂා අශ්වගාල ඉදිරිපත් වී සිටී.


සිව්වැනි අදියරේ පැවැති සෙසු තරග ජයගත් ‘ස්ටොක් වෙල්’, බියුටිෆුල් ලන්කන්, ඇල්කසබා, අයිස්ලැන්ඩික්, එයාර්බෝන් ෂෂ, සිටි ෂොට් යන අශ්වයන්ද මෙම අදියරේදී තරග වැදීමට සූදානමින් සිටිති.


තරගාවලිය අවසානයේදී නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් (අපේ‍්‍රල් 10 වැනිදා, 16 වැනිදා, 23 වැනිදා සහ 30 වැනිදා* සංවිධානය කළ තුරඟ තරගාවලි හතරේ දක්ෂතම අසරුවා සහ දක්ෂතම අසුන් පුහුණුකරන්නා සඳහාද විශේෂ කුසලාන පිරිනැමීමට නියමිතය.


මෙම තරගාවලියෙන් අනතුරුව තවදුරටත් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා නුවරඑළිය තුරඟ තරග පිටිය තාවකාලිකව වසා තැබෙන අතර නැවත එය විවෘත කෙරෙන්නේ අගෝස්තු මස 6 වැනිදා පැවැත්වෙන තුරඟ තරගාවලිය සඳහා බව කොළඹ රාජකීය තුරඟ තරග සමාජය පවසයි.


තරග 7 කින් සමන්විත වන මෙම තරගාවලියේදී දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඒ. එන්. අරුමපුර, අජන්ත ද සොයිසා, අණුක සූසා, නදීරා මඩුගල්ල, නවීන් මාධව බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, ආනන්ද බණ්ඩාර, නිහල් ප‍්‍රනාන්දු, එම්. සුදාගර්, ශ්‍රී සිංහගේ ලොකුහේවා, යශික අරපක්ෂ, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, එස්. ලෝගනාදන් සහ එස්. පෙරියසාමි යන මහත්ම මහත්මීන් හිමිකාරත්වය දරන අශ්වයන් 35 ක් පමණ තරග වැදීමට නියමිතය.


කොළඹ රාජකීය තුරඟ තරග සමාජය මෙම තරග මාලාව සංවිධානය කරයි.


එම සංගමය වෙනුවෙන් මෙම තරග මාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ලොව පුරා තුරඟ තරග පිටි 163 ක සේවය කර ඇති ප‍්‍රවීණයකු වන වේන් වුඞ් මහතා විසිනි. ඔහු කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරන අතර සුරංජිත් පේ‍්‍රමදාස මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි.


මෙම තරග මාලාව සඳහා මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත් පත් සමාගම වෙතිනි.
30 වැනිදා පැවැත්වෙන තරගමාලාව සඳහා නරඹන්නන්ට නොමිළේ ඇතුළු විය හැකි බව සංවිධායකයෝ පවසති.

 


අදහස් (0)

‘චාල්ටන්’ නැවතත් 30 දා තරග බිමට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.