Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner හංසනීට ද්විත්ව ශූරතා

හංසනීට ද්විත්ව ශූරතා

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් මහ ඇමැති ‘ඉසුරු දේවපි‍්‍රය’ අභියෝග ශූරතා සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා සමත් වූවාය.  

විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 4-3 ක් ලෙස ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ ඉෂාරා මධුරංගි පරාජය කළ හංසනී පියුමිලා, සහයක කී‍්‍රඩිකා චමත්සරා ප‍්‍රනාන්දු සමග එක්ව විවෘත කාන්තා යුගළ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස මහනුවර මහාමායා විදුහලේ ඔචිනි දිසානායක සහ සමාධි හෙට්ටිආරච්චි පරාජය කරමින් එම ශූරතාවන්ට හිමිකම් කීවාය.

තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට මාස් ඉන්මේට්ස් ආයතනයේ නිර්මල ජයසිංහ සමත් විය. අවසන් මහ තරගයේදී වට 4-1 ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ පරාජය කරමින් ඔහු එම ශූරතාවට හිමිකම් කිවේය.

ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත එක්ව වට 4-1 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සහ මාස් ඉන්මේට්ස් ආයතනයේ නිර්මල ජයසිංහ පරාජය කරමින් පිරිමි යුගළ ශූරතාව දිනාගත්හ.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ කී‍්‍රඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 300 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවපි‍්‍රය මහතා සහභාගි විය.

 

තරග ප‍්‍රතිඵල (බාලක)


වයස 10 න් පහළ කේවල
රසිඳු ජයසුන්දර (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සෙනාල් දිල්මිත් (රත්නපුර කුමාර විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08, 06/11, 07/11, 11/06)

වයස 12 න් පහළ කේවල
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 4-1 ක් ලෙස ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/09, 12/10, 11/13, 11/08)

වයස 15 න් පහළ කේවල
හේලිත හෙන්ඳාවිතාරණ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/09, 11/09, 11/09)

වයස 18 න් පහළ කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (14/12, 11/08, 11/08)
 
වයස 21 න් පහළ කේවල
ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සුපුන වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (07/11, 11/06, 09/11, 11/08, 11/08)

විවෘත පිරිමි කේවල
නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට් ආයතනය) විසින් තරග වට 4-1 ක් ලෙස චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි. (11/09, 11/05, 11/02, 09/11, 11/07)

විවෘත පිරිමි යුගළ
රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 4-1 ක් ලෙස උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට් ආයතනය) පරාජය කරන ලදි. (09/11, 12/10, 13/11, 11/13, 11/06)

 


තරග ප‍්‍රතිඵල (බාලිකා)

වයස 10 න් පහළ කේවල
දිව්‍යා ධරණි (අම්ලබන්ගොඩ කුලරත්න විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ෆාතිමා අලී (කොළඹ ‘රෝයල් ඉන්ස්ටිටියුට්’ ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (07/11, 08/11, 11/05, 11/04, 13/11)

වයස 12 න් පහළ කේවල
නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප‍්‍රජාපති ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 4-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ්  විදුහල) පරාජය කරන ලදි.
(11/06, 12/10, 09/11, 11/06)

වයස 15 න් පහළ කේවල
තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සයුරි රන්මිණි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (07/11, 09/11, 11/05, 11/03, 11/07)

වයස 18 න් පහළ කේවල
ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/07, 08/11, 11/07, 11/06)

වයස 21 න් පහළ කේවල
නුවනි නවෝද්‍යා (යුද හමුදාව) විසින් තරග වට 3-1 ක් ලෙස මුතුමාලි පි‍්‍රයදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (11/09, 05/11, 11/07, 11/03)

විවෘත කාන්තා කේවල
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 4-3  ක් ලෙස ඉෂාරා මධුරංගි (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි. (11/09, 11/09, 09/11, 04/11, 04/11, 11/05, 11/08)

විවෘත කාන්තා යුගළ   
හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඔචිනි දිසානායක සහ සමාධි හෙට්ටිආරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/09, 12/10)

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

හංසනීට ද්විත්ව ශූරතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.