Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner නුවරඑළිය තුරඟ තරග මාලාවේ දෙවැන්න හෙට

නුවරඑළිය තුරඟ තරග මාලාවේ දෙවැන්න හෙට

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ දෙවැනි තරගාවලිය ඉරිදා (10 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

නුවරඑළිය තුරඟ තරග පිටිය නවීකරණය කිරීමෙන් පසුව පැවැත්වෙන දෙවැනි තරගාවලිය මෙයයි.

විවිධ අනුග‍්‍රහයන් යටතේ පිරිනමන කුසලාන 8 ක් සඳහා පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ජේ. ආර්. ඉරුගල් බණ්ඩාර සහ අජන්ත ද සොයිසා යන අයට හිමි අශ්වයන් රැසක් තරග වැදීමට නියමිතය.

මෙම තරග මාලාවේ පළමු තරගාවලිය මාර්තු 20 වැනිදා නිමාවට පත් වූ අතර ඉතිරි තරගාවලි මේ මස 10, 16, 23 සහ 30 යන දින වලදී පැවැත්වීමට නියමිතය.

වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා තුරඟ තරග වංශකතාවේ තරගයක් සඳහා පිරිනැමෙන ඉහළම ත්‍යාග මුදල මේ මස 16 වැනිදා පැවැත්වෙන තරගාවලියේදී පිරිනැමීමට කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සූදානමින් සිටී. එය රුපියල් මිලියනයකි.

‘කුනිගාල් ස්ටඞ් මැජික් මිලියන්’ නමින් හැඳින්වෙන තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක ත්‍යාගය හිමිවේ.

‘කුනිගල්’ යනු ඉන්දියාවේ කර්ණාටන ප‍්‍රාන්තයේ පිහිටි කුඩා නගරයකි. එහි පවත්වාගෙන යනු ලබන චිර ප‍්‍රසිද්ධ අශ්ව ගාල ‘කුනිගල්’ අශ්වගාල යනුවෙන් හැඳින්වේ. වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති ‘කුනිගල්’ අශ්වගාලේ ප‍්‍රධාන අරමුණ තරග සඳහාම අසුුන් බෝ කිරීමයි. ඒ සඳහා විශේෂ වර්ගයේ වෙළඹුන් එහි සිටිති.

ඉන්දියවට ගෙන්වන ලද පළමු වැනි අජානේය තුරඟා වන ‘පීරෝ ගෝමස්ට’ ගාල වූයේත් අක්කර 400 ක විශාලත්වයකින්  යුත් කුනිගල් අශ්වගාලයි. එය කොතෙක් නවීකරණය කරන ලද අශ්වගාලක්ද යත් අසුන්ගේ පානය සඳහා ගනු ලබන ජලය පිරිසිදුකිරීමේ ඒකකයකින්ද සමන්විතය. අසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සා බැලීම සඳහා පශ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය ඒකකයක්ද එහි ස්ථාපිත කර තිබේ.  

නුවරඑළිය තුරඟ තරග පිටිය 1840 වසරේදී ආරම්භ කෙරුණු අතර 1875 වසරේදී එහි පළමු තුරඟ තරගය පැවැත්විණ. ශ්‍රී ලංකාව තුළ තුරඟ තරග කී‍්‍රඩාව යළි ජනපි‍්‍රය කරවීම මෙන්ම එහි තත්ත්වය උසස් කිරීමත්, අසුන් රැකබලාගෙන ඔවුන් තහනම් උත්තේජක භාවිතයෙන් වලක්වාලීමත් අරමුණු කරගෙන කොළඹ රාජකීය තුරඟ තරග සමාජය මෙම තරග මාලාව සංවිධානය කරයි.

එම සංගමය වෙනුවෙන් මෙම තරග මාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ලොව පුරා තුරඟ තරග පිටි 163 ක සේවය කර ඇති ප‍්‍රවීණයකු වන වේන් වුඞ් මහතා විසිනි. ඔහු කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරන අතර සුරංජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

 

 

 

 

 

 

 


අදහස් (0)

නුවරඑළිය තුරඟ තරග මාලාවේ දෙවැන්න හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.