Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner දකුණු ආසියානු පැසිපන්දු ශූරතාව ශී‍්‍ර ලංකාවට

දකුණු ආසියානු පැසිපන්දු ශූරතාව ශී‍්‍ර ලංකාවට

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු පැසිපන්දු කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.

තරගාවලියේ අවසන් මහ තරගය සත්කාරක නේපාල කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්විණ. මෙහිදී ලකුණු 73/49 ක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම ජය ලැබීය.

මුලික වටයේ තරගවලදී මාලදිවයිනට එරෙහිව ලකුණු 106/39 ක් ලෙසද, භූතානයට එරෙහිව ලකුණු 112/31 ක් ලෙස සහ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 115/11 ක් ලෙසද විශිෂ්ට අයුරින් ජය ලබා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ.

මෙම තරගාවලියට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් කණ්ඩායම් සහභාගි නොවීය.

ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය නොපැවැත්වීම නිසා සාග් රටවල් අට වෙනුවෙන් ඉක්මනින් මෙම තරගාවලිය සංවිධානය කිරීමට පියවර ගෙන තිබිණ.

ජයලියා තේවහෙට්ටිගේගේ නායකත්වයෙන් යුත් ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායමට කුමාරිනි ද සිල්වා, ප‍්‍රමිලා ප‍්‍රනාන්දු, ඉනෝකා සඳමාලී, එරන්දි ගාල්ලගේ, එරන්දි රාජපක්ෂ, සඳුනි බොල්ලෑගල, අංජලී ඒකනායක, ප‍්‍රසාදී ෆොන්සේකා, නතාෂා පෙරේරා, නිරෝෂිනී පායිවා සහ ඉමේෂා තත්සරණී ඇතුළත්වුහ.


ශී‍්‍ර ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම නැවත ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේදී

 


අදහස් (0)

දකුණු ආසියානු පැසිපන්දු ශූරතාව ශී‍්‍ර ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.