Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වැල්ලවත්ත කින්රෝස් පිහිනුම් සහ ජීවිතාරක්ෂක ක‍්‍රීඩා සමාජය 51 වැනි වරටත් සංවිධානය කළ මුහුදු පිහිනුම් තරගාවලියේ පිට පිට සිවුවැනි වරටත් විවෘත පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට තරිඳු උදයංග සමත්විය. ශසිනි නවෝද්‍යා, පිට පිටම දෙවැනි වරටත්, කාන්තා අංශයේ ශූරතාව දිනා ගත්තාය.
තරිඳු සහ ශසිනි දෙදෙනාම අම්බලන්ගොඩ ලයන්ස් මුහුදු පිහිනුම් සමාජය නියෝජනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 100 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැති මෙම තරගය වැල්ලවත්ත මුහුදු තීරයේ සිට ගල්කිස්ස මහා හෝටලය දක්වා මුහුදේ පිහිනමින් නැවතත් තරග ආරම්භක ස්ථානය වු කින්රෝස් පිහිනුම් සහ ජීවිතාරක්ෂක ක‍්‍රීඩා සමාජය ඉදිරිපිට මුහුදු තීරයෙන් අවසන්විය.
දිවයිනේ වැඩිම දුරකින් පැවැත්වෙන මුහුදු පිහිනුම් තරගාවලිය ලෙස අවිවාදයෙන් කිව හැකි මෙම තරගාවලියේ ජයග‍්‍රහකයා වු තරිඳු, තරගය නිම කිරීම සඳහා පැය 2. විනාඩි 22. 11 ක කාලයක් ගත කළේය. ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් පසුගියදා ගල්කිස්සේ පැවැති 79 වැනි සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ විවෘත පිරිමි අංශයේ ශූරයා වුයේ ද තරිඳුය.
අම්බලන්ගොඩ, මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 19 හැවිරිදි තරිඳු, මාදම්පා ගඟේ පුහුණුවීම්වල නිරතවෙමින් දිවයිනේ පැවැත්වෙන ප‍්‍රධානතම මුහුදු පිහිනුම් තරගාවලි සඳහා සහභාගිවෙයි.
අම්බලන්ගොඩ ලයන්ස් මුහුදු පිහිනුම් සමාජයේ ගීෂාන් රවිඳු (පැය 2.37.18) සහ එස්.අයි.ද සිල්වා (පැය 2 44.17) පිළිවෙලින් විවෘත පිරිමි අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි ශෂිනි නවෝද්‍යා විවෘත කාන්තා අංශය ජය ගත්තේ පැය 3. විනාඩි 26. 34 ක කාලයකිනි.
ශෂිනි ද මාදම්පා ගඟේ පුහුණුවීම්වල නිරතවන ක‍්‍රීඩිකාවකි. කින්රෝස් ක‍්‍රීඩා සමාජයේ චමන්ති නවෝදා (පැය 3.31.45) දෙවැනි ස්ථානය ද, යුද හමුදාවේ ඩබ්. කේ. තරිදිනී (පැය 3.44.12) තෙවැනි ස්ථාන ද ලැබුහ.
යුද හමුදාව කණ්ඩායම් ශූරතාව දිනාගත් අතර පසුගිය වසරේ ශූරයන් වු අම්බලන්ගොඩ ලයන්ස් මුහුදු පිහිනුම් සමාජයට මෙවර දෙවැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය. පොලිස් මුහුදු පිහිනුම් කණ්ඩායමට තෙවැනි ස්ථානය ලැබිණ.
විවෘත කාන්තා අංශය ජයගත් ශෂිනි, දක්ෂතම ලාබාලතම ක‍්‍රීඩිකාව ලෙස ද, කින්රෝස් පිහිනුම් සමාජයේ එම්. මුකරාම් දක්ෂතම ලාබාලතම ක‍්‍රීඩකයා ලෙස ද තේරී පත්වුහ.
තරගාවලියට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් ප‍්‍රවීණම ක‍්‍රීඩකයා ලෙස සී.අයි.එස්. එදිරිසිංහ සම්මාන ලැබීය.
විවෘත අංශයේ තරග ප‍්‍රතිඵල:
විවෘත පිරිමි අංශයේ පළමු ක‍්‍රීඩකයන් 10 දෙනා:
1.තරිදු උදයංග ද සිල්වා (අම්බලන්ගොඩ ලයන්ස්)
2. ගීෂාන් රවිඳු (අම්බලන්ගොඩ ලයන්ස්)
3. එස්.අයි. ද සිල්වා (යුද හමුදාව)
4.ජේ. එන්. අස්සජි (යුද හමුදාව)
5.ධනුෂ්ක මධුෂාන් (අම්බලන්ගොඩ ලයන්ස්)
6.නිමේෂ් කාවින්ද (අම්බලන්ගොඩ ලයන්ස්)
7.එන්.පී.ප‍්‍රියරත්න (යුද හමුදාව)
8.ඞී.එම්.ගුණසේන (යුද හමුදාව)
9.රුවන් ශ‍්‍රී ලාල් (යුද හමුදාව)
10.දිනිත් පබසර (කිංරෝස්)
විවෘත කාන්තා අංශයේ පළමු ක‍්‍රීඩකාවන් 05 දෙනා:
1.ශෂිනි නවෝද්‍යා (අම්බලන්ගොඩ ලයන්ස්)
2. චමන්ති නවෝදා (කින්රෝස්)
3.ඩබ්.කේ.තරිදිනී (යුද හමුදාව)
4.මල්ෂි ප‍්‍රසාදිනී (කින්රෝස්)
5.එස්.සී.ලියනගේ (යුද හමුදාව)
ඡායාරූප - සජීක ජයසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.