Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය 79 වැනි වරටත් සංවිධානය කළ සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ විවෘත පිරිමි අංශයේදී තරිඳු උදයංග ද සිල්වා ශූරතාව දිනාගත්තේය. උත්තමා සිල්වා ද , කාන්තා අංශයේ ශූරිය ලෙස සම්මාන ලැබුවාය.
තරිඳු සහ උත්තමා මෙම තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් විවෘත අංශවල ශූරයා සහ ශූරිය වීම කැපීපෙනේ.
ගල්කිස්ස හෝටලය අසළ මුහුදු තීරයේදී අද (6) පෙරවරුවේදී පැවැති මෙම තරගාවලියේ ක‍්‍රීඩකයන් 500 කට ආසන්න පිරිසක් අභිබවා යමින් විවෘත පිරිමි ඉසව්ව ජයගත් තරිඳු මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 19 හැවිරිදි ක‍්‍රීඩකයෙකි.
තරගය විනාඩි 41.28 ක කාලයකින් නිම කරමින් තරිඳු ජය ලැබීය. යුද හමුදාවේ ක‍්‍රීඩකයන් වන විමල් කුමාර (විනාඩි 42.52) සහ එස්.අයි.ද සිල්වා (විනාඩි 42.54) පිළිවෙලින් විවෘත පිරිමි අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
තරිඳු මාදම්පා ගඟේ පුහුණුවීම්වල නිරතවන අතර ඔහු නිදහස් ආර ඉසව්වෙන් පිහිනුම් තරග සඳහා සහභාගිවෙයි.
මහනුවර මහාමායා විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි උත්තමා සිල්වා විවෘත කාන්තා අංශය ජය ගත්තේ විනාඩි 46.58 ක කාලයකිනි. උත්තමා, 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ කාන්තා පිහිනුම් ඉසව්වලදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන තිබේ.
නාවික හමුදාවේ එස්.ඒ.එන් විජේරත්න (විනාඩි 46.59) දෙවැනි ස්ථානය ද, එම්.සී.ප‍්‍රනාන්දු (විනාඩි 47.02) තෙවැනි ස්ථානය ද ලැබුහ.
යුද හමුදාව පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගත් අතර මහනුවර මහාමායා විද්‍යාලය කාන්තා කණ්ඩායම් ශූරතාව දිනා ගත්තේය. තරගාවලියට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් ප‍්‍රවීණම ක‍්‍රීඩකයා ලෙස එස්.එම්.චන්ද්‍රපාලද, ප‍්‍රවීණම ක‍්‍රීඩිකාව ලෙස ජී.එච්.නන්දනීද තේරීපත් වුහ.
ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ.
තරග ප‍්‍රතිඵල:
විවෘත පිරිමි අංශයේ පළමු ක‍්‍රීඩකයන් 10 දෙනා:
1.තරිදු උදයංග ද සිල්වා (මාදම්ප ම.වි)
2. විමල් කුමාර (යුද හමුදාව)
3. එස්.අයි. ද සිල්වා (යුද හමුදාව)
4. ඒ. එස්. අබේසිංහ (යුද හමුදාව)
5. සපුමල් සේනානායක (මහනුවර ත‍්‍රිත්ව)
6. ධනුෂ්ක මධුෂාන් (අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද)
7. ඞී.රණවීර (ශා.ජෝශප්)
8. එෂාන් සෝවිස් (ශා. ජෝශප්)
9. නිමේෂ් කාවින්ද (මාදම්පෙ ම.වි)
10. රවිදු රික්ෂාන් (අම්බලන්ගොඩ ධර්මාශෝක)
විවෘත කාන්තා අංශයේ පළමු ක‍්‍රීඩිකාවන් 10 දෙනා:
1.උත්තමා සිල්වා (මහනුවර මහාමායා)
2.ඒ.එන්.විජේරත්න (නාවික)
3.චෙනුරි ප‍්‍රනාන්දු,
4.ශෂිනි නවෝද්‍යා (අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද)
5.දසිනි බියංගා (අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද)
6.කේ.අයි.තරිදුමී (යුද හමුදාව)
7.හිරුණි සිරිවර්ධන
8.නිකොලි බණ්ඩාර (මහාමායා)
9.නෙත්මි මානකුමාර (මහාමායා)
10.මහේෂිකා හේවගේ (මහාමායා)
පිරිමි කණ්ඩායම් ඉසව්ව:
1.යුද හමුදාව.
2.මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය
3.ශාන්ත ජෝශප් විද්‍යාලය
කාන්තා කණ්ඩායම් ඉසව්ව:
1.මහනුවර මහාමායා විද්‍යාලය
2.බිෂොප් විද්‍යාලය
3.නාවික හමුදාව
වැඩිම ලකුණු ලාභී කණ්ඩායම්:
1.යුද හමුදාව (156)
2.සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව (94)
3.පොලිසිය (84)
වයස 15 න් පහළ (බාලක)
1.නුවිනු පෙරේරා (ශා.තෝමස්)
2.අම්ජාඞ් හසන් (වත්තල ලයිසියම්)
3.ලක්ෂාන් ද සිල්වා (අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද)
වයස 15 න් පහළ (බාලිකා)
1.ලක්ෂිකා සුදුසිංහ (අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද)
2.ඔවිනි රත්නායක (මහාමායා)
3. මදාරා ජයරත්න (මහාමායා)
15 න් පහළ කණ්ඩායම් ඉසව්ව (බාලක)
1.ශා.ජෝශප් විදුහල
2. අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලය
3.වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
15 න් පහළ කණ්ඩායම් ඉසව්ව (බාලිකා)
1.මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය
2. අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලය
3.සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය
ඡායාරූප - සජීක ජයසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.