Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා ඊයේ (22 වැනිදා) සමත් විය.
ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැුදී සිටින දිනේෂ්කාන්තන් තංගරාජා දිනාගත් සිව්වැනි විවෘත කේවල ජාතික ශූරතාව මෙය වන අතර මින් පෙර ඔහු 2011, 2012 සහ 2013 වසර වලදී විවෘත කේවල ජාතික ශූරතාවට හිමිකම් කියා ඇත.
අවසන් මහ තරගය අතරතුර ඇතිවූ අසනීප තත්ත්වයක් නිසාතංගරාජාට ජයග‍්‍රහණය පිරිනමමින් දෙවැනි වටයේදී තරගයෙන් ඉවත් වීමට ශාමල් දිස්නායක තීරණය කළේය. ඒ වන විට තරගයේ ලකුණු තත්ත්වය 6/4 ක් සහ 3/2 ක් ලෙස සටහන් විය.
අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී වට 3-0 ක් ලෙස පාකිස්තානු ජාතික තන්වීර් ආෂික් පරාජය කරමින් ශාමාල් දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේ ලකුණු තත්ත්වය 7/6 ක්, 6/3 ක් සහ 6/4 ක් ලෙස සටහන් විය.
දිනේෂ්කාන්තන් තංගරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් වට 3-1 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරමිනි. 6/4 ක්, 6/1 ක්, 2/6 ක් සහ 6/0 ක් ලෙස එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් විය.
දින 7 ක් පුරා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කළේය.
විවෘත පිරිමි අවසන් මහ තරගය
විවෘත පිරිමි අවසන් පූර්ව වටයේ තරග
දිනේෂ්කාන්තන් තංගරාජා ශූරතා කුසලානය ලබා ගනිමින් ...
ශාමාල් දිසානායක අනුශූරතා කුසලානය ලබාගනිමින් ...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.