Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලාංකිකයන් වන ජයන්ති කුරුඋතුම්පලා සහ ජොහාන් පීරිස් මේ වන විට ලොව උසම (මීටර් 8,848) කන්ද වන එවරස්ට් කඳු මුදුන ආසන්නයට ළඟා වෙමින් සිටිති. දැනගන්නට ඇති පරිදි ඔවුන් කන්ද තරණය කිරීමේ අවසන් අදියර සඳහා එවරස්ට් පදනම් කඳවුරෙන් මැයි 15 වැනිදා පිටත් වීමටත්, මැයි 20 වැනිදා වනවිට කඳු මුදුනට යාමටත් නියමිතය. කිසිඳු ශ‍්‍රී ලාංකිකයෙකු එවරස්ට් කඳු මුදුනට යාම මෙතෙක් සාර්ථකව සම්පූර්ණ කර නොමැත.
ජයන්ති සහ ජොහාන් අපේ‍්‍රල් මාසයේ මුල සිටම හිමාලය කඳු ආශ‍්‍රිතව පුහුණුව ලැබූ අතර පසුගිය මාසය පුරාම එවරස්ට් පදනම් කඳවුරේ සිට තවත් කඳවුරු තුනක් දක්වා වූ ඉතාමත් උස කඳු සහ උස් ප‍්‍රදේශ කරා ඉහළට සහ පහළට ගමන් කිරීමේ පුහුණුව ලබාගත්හ. ඉතාමත් අසීරු මෙන්ම වඩාත් අවදානම් සහිත කුම්බු අයිස් ඇල්ලේ නිතැතින්ම වෙනස් වන අයිස් ග්ලැසියර කඩා වැටෙන ස්ථානය හරහා ගමන් කිරීමත්, ඊට මුහුණලා ඍජුව පිහිටා තිබෙන ලෝට්ස් නම් වූ අයිස් වලින් සැදුණු බිත්තියට පහළින් ගමන් කර පිහිටි කඳවුරු අංක 3 වෙත ළඟාවීමත් මෙම පුහුණුවට ඇතුළත් විය.
මෙවර 289 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එවරස්ට් කඳු මුදුන කරා යාමට උත්සාහ දරමින් සිටිති. මේ සියලූ දෙනාම ගමන ආරම්භ කිරීම සඳහා සුදුසු කාලගුණ තත්ත්වයක් උදාවන තුරු බලාපොරොත්තුවෙන් පසුවෙති. 2014 සහ 2015 යන වසරවලදී මාරාන්තික හිම පතනය හේතුවෙන් කඳුනැගීම කිසිවෙකුටත් සම්පූර්ණ කළ නොහැකි විය.
කඳුනැගීමේ මාර්ගෝපදේශයන් ලබාදෙන පිළිගත් සමාගමක වසර 30 පමණ පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර උපදේශක කණ්ඩායමක් සමග ජයන්ති සහ ජොහාන් එවරස්ට් කඳුමුදුනට යාමට එක්වී සිටිති. මෙම ගමනට සම්බන්ධ වීමට ජයන්තිට සහ ජොහාන්ට ඔවුන්ගේ උස් කඳු නැගීමේ අත්දැකීම්, අයිස් කඳුනැගීමේ කුසලතා සහ ලණු බැඳීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන්හි පළපුරුද්ද එම කණ්ඩායම ඉදිරියේ පෙන්නුම් කිරීමට පවා අවශ්‍ය විය.
කඳු නගින්නන්ට හැම වටයකදීම දෙන ලද නිශ්චිත කාලයක් තුලදී සම්පූර්ණ කළ යුතු දුර ප‍්‍රමාණය ගමන් කිරීමට පවරන ලදී. කෙසේ හෝ එය සිදුකිරීමට අසමත් වුවහොත් ජාත්‍යන්තර කඳුනැගීමේ මාර්ගෝපදේශක සමාගම ගමන කරගෙනයාමට අවසර ලබානොදේ.
මෙයට හේතුව වන්නේ දිනෙන් දින හිම පථනයේ ඉහළ නැගීමත් සමගම ඇතිවිය හැකි අවදානම් තත්ත්වය නිසා කඳු නගින්නන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වීමයි. ජයන්ති සහ ජොහාන් මේ සියලූ පරීක්‍ෂණවලින් සමත් වී ඇති අතර අවසාන අභියෝගයට මුහුණ දීම සඳහා මේ වන විට සූදානමින් සිටිති.
කඳවුරු අංක 3 (මීටර් 7,200) වෙත ගමන් කිරීමෙන් ජයන්ති සහ ජොහාන් දෙදෙනාම උසින් වැඩිම ස්ථානය කරා ළගා වී ඇති අතර ඊළඟ ඉලක්කය වන එවරස්ට් කඳුමුදුන කරා යාමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිති.
”මට හොඳ හැඟීමක් තිබෙනවා මෙතෙක් දුර ආ ගමන ගැන. නමුත් මම දැඩි ආශාවෙන් බලා සිටිනවා ඊළඟ පියවර වන එවරස්ට් කඳුමුදුනට පා තැබීමට.” යැයි ජොහාන් පැවසීය.
”මෙම දේශගුණයට හුරුවීමේ හැකියාව ඉතාමත් සාර්ථකව සිදුවුණා. එ්වා ඉතා අසීරු කාර්යයන් වුණත් අප දෙදෙනාම එ් දේවල් හරියටම කළා. මම දැන් බලා සිටින්නේ ජොහාන් සමග ලොව උසම තැනට ශ‍්‍රී ලංකා ජාතික කොඩිය ගෙනයාමටයි.” ජයන්තිද ඇගේ අදහස් එක්කරමින් පැවසීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.