Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඕල්ඞ් බෙන්ස් පෙරමුණ ගනී

ඕල්ඞ් බෙන්ස් පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග මේ වන විට ආරම්භවී ඇති අතර  ඕල්ඞ් බෙන්ස්, හම්බන්තොට බ්ලූස්, කොළඹ, පීට්රයිට්ස් යූත් යන කී‍්‍රඩා සමාජ සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එම තරග වලින් ජය ලබාගැනීමට සමත්වූහ.

ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය පළමු කාණ්ඩයේ තරග තරග දෙකක් ජයගෙන ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටී. පළමු කාණ්ඩයේ මෙතෙක් පැවති තියුණුම තරගය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඔටර්ස් කී‍්‍රඩා සමාජය අතර පැවති අතර ඉන් ලකුණු 32 - 24 ක් ලෙස ජය වාර්තාකළේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

පළමු කාණ්ඩයේ තරග ආරම්භ කරමින් පසුගිය ඉරිදා කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේ පැවති  ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය සහ වත්තල කී‍්‍රඩා සමාජය අතර තරගයෙන් ලකුණු 64 - 52 ක් ලෙස ජය ලැබීමට  ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය සමත්විය.

ආරම්භයේදී තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය නිමාවන විට ලකුණු 33 - 32 ක් ලෙස ඉදිරියෙන් සිටියේද  ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජයයි.

හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය සහ පීට්රයිට්ස් යූත් කී‍්‍රඩා සමාජය අතර තරගය ආරම්භයේ සිටම තම අණසක පැතිරවූ හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය තරගයේ පළමු අර්ධය නිමාවේදී ලකුණු 43 - 25 ක් ලෙස පෙරමුණ ගත් අතර තරගය ජයග‍්‍රහණය කළේ ලකුණු 76 - 63 ක් ලෙසිනි.

පීට්රයිට්ස් යූත් කී‍්‍රඩා සමාජයේ අරුන් ගුණවර්ධන ලකුණු 26 ක් රැස්කරමින් හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජයට හොඳ තරගයක් දුන් නමුත් තරගය ජය ගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

කොළඹ පැසිපන්දු සමාජය සහ කොළඹ බුල්ස් කී‍්‍රඩා සමාජය අතර පෙරේදා (2 වැනිදා) පැවති තරගයේදී විශිෂ්ඨ ජයක් ලබාගැනීමට පසුගිය වසරේ මෙම තරගාවලියේ ශූරයන් බවට පත්වූ කොළඹ පැසිපන්දු සමාජය සමත්විය. තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 30 - 17 ක් ලෙස පෙරමුණේ පසුවූ කොළඹ පැසිපන්දු තරගය ජයගත්තේ ලකුණු 62 - 36 ක් ලෙසිනි. කොළඹ පැසිපන්දු සමාජයේ හර්ශදේව ද සිල්වා ලකුණු 23 ක් රැස්කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

පීට්රයිට්ස් යූත් කී‍්‍රඩා සමාජය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ඊයේ (3 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 73 - 65 ක් ලෙස ජය වාර්තා කළේ පීට්රයිට්ස් යූත් කී‍්‍රඩා සමාජයයි. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24 - 32 ක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියෙන් සිටියද, දෙවැනි අර්ධයේදී කි‍්‍රයාත්මකවූ පීට්රයිට්ස් යූත් කී‍්‍රඩකයෝ තම පිලට තවත් ලකුනු 49 ක් එක් කරමින් තරගය ජයග‍්‍රහණය කළහ. එහිදී පීට්රැට්ස් යූත් කී‍්‍රඩා සමාජයේ එම්. අසාම් සහ ශ්‍රී ලංකා පොලිසියේ සුදේෂ් පේයිව ලකුණු 20 බැගින් රැස්කිරීමට සමත්වූහ.

ඊයේ පැවති දෙවැනි තරගයෙන් මොරටුව පැසිපන්දු සමාජය පරදවා ලකුණු 61 - 48 ක් ලෙස ජය ලැබුවේ  ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජයයි. පළමු අර්ධයේදීද ලකුණු 36 - 19 ක් ලෙස තරගයේ ඉදිරියෙන් සිටි  ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩකයෝ අර්ධයේදී තවත් ලකුණු 25 ක් රැස්කරමින් තම පිල ජයටැඹ කරා රැගෙන ගියහ. එහිදී  ඕල්ඞ් බෙන්ස් පිල වෙනුවෙන් නෂාන් එරන්ද සහ ක්ලින්ටන් ස්ටැලූන් පිළිවෙළින් ලකුණු 22 ක් සහ 20 ක් බැගින් රැස්කළහ.


පළමු කාණ්ඩයේ මෙතෙක් පැවති තරග වල ප‍්‍රතිඵල

  • ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය විසින් වත්තල කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (64 - 52)
  • හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය විසින් පීට්රැුට්ස් යූත් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (76 - 63)
  • ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔටර්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (32 - 24)
  • කොළඹ පැසිපන්දු සමාජය විසින් කොළඹ බුල්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (62 - 36)
  • පීට්රැට්ස් යූත් කී‍්‍රඩා සමාජය විසින් ශ්‍රී ලංකා පොලිසිය පරාජය කරන ලදී. (73 - 65)
  • ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය විසින් මොරටුව පැසිපන්දු සමාජය පරාජය කරන ලදී. (61 - 48)

 


අදහස් (2)

ඕල්ඞ් බෙන්ස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.