ස්ටට්ගාට් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයෙන් කැනඩාවේ මිලොස් රෝනික් ලකුණු 6-4ක් සහ 7-6කින් පරදවා යළිත් වතාවක් අන්තර්ජාතික ටෙනිස් පිටියේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සුපිරි ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත්විය.
36 හැවිරිදි ෆෙඩරර් අවසන් මහා තරගයට සේන්දුවීමත් සමග ටෙනිස් පිටියේ පළමු ස්ථානය තහවුරු වූ අතර ඊයේ අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙතෙක් පළමු තැන වැජඹුණු රෆායල් නඩාල් දෙවැනි තැනට ඇද දැමිමට ඔහු සමත්විය.
මේ තරගය මිනිත්තු 78කින් නිමාවට පත් කළ ෆෙඩරර්ගේ ඊළඟ ඉලක්කය වී ඇත්තේ පසුගිය වසරේ දිනූ විම්බල්ඩන් කිරුළ රැකගැනීමය.
ජූලි මස 2 වැනිදා ආරම්භ වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලිය සඳහා මේ තරගාවලිය කදිම පෙරහුරුවක් වූ බවත්, ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල නැවතත් පෙරමුණගැනිමට හැකිවීමෙන් කදිම උත්තේජනයක් ලැබූ බවත් තරගයෙන් පසුව ඔහු කියා සිටියේය.
එතෙක් මෙතෙක් වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්වී සිටින ෆෙඩරර් දිනාගත් ශූරතා සංඛ්‍යාව 20කි.
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.