Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ඊයේ (7 වැනිදා) රාත්‍රියේ පැවැති හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ එහි 10 වැනි ස්ථානයට පත් විය. අවසන් මහ තරගයේදී ඔහු දැක්වූ ඉහළම දක්ෂතාව වූයේ මීටර් 70.77 කි.
පළමු උත්සාහයේදී මීටර් 69.22 ක දුරක් හෙල්ල විසිකළ සුමේධ, දෙවැනි සහ තෙවැනි උත්සාහන්වලදී විසිකළ දුර ලෙස සටහන් වූයේ පිළිවෙලින් මීටර් 70.77 ක් සහ මීටර් 70.45 කි. පළමු උත්සාහන් 3 තුළදී මුල් ක්‍රීඩකයන් 8 දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට සෙසු උත්සාහයන් 3 අහිමි විය.
හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට මීටර් 90.18 දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටවූ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් සමත් වූවාය. එය ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාවද වූ අතර මින් පෙර ඔහු දක්වා තිබූ ඉහළම දක්ෂතාව ලෙස සටහන් වී තිබුණේ මීටර් 86.38 කි.
ග්‍රෙනඩාවේ ඇන්ඩසන් පීටර්ස් මීටර් 88.64 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර කෙන්යාවේ ජූලියස් යේගෝ මීටර් 87.70 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමටද හිමිකම් කීවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.