Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හැටන් නැෂනල් බැංකුව ශූරතාව රැකගනී

හැටන් නැෂනල් බැංකුව ශූරතාව රැකගනී

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ  වෙන්නප්පුවේ සිට...)

වෙන්නප්පුවේ ඇල්බට්  එෆ්.පීරිස්  පිටියේදී ඊයේ  (21) නිමාවට පත්වූ ජාතික දැල්පන්දු  තරගාවලියේ (2023) ශු‍රතාව පිට පිටම  හයවැනි වතාවටත්  දිනා  ගැනීමට  හැටන්  නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ  සමත් වුහ.         

ඒ අවසන්  මහ  තරගයෙන්   හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ලකුණු  40/39 ක් ලෙස  එක ලකුණකින් ගුවන්  හමුදා  කණ්ඩායම පරාජයට  පත් කරමිනි. එහිදී  දෙවැනි  වටය පමණක්  පෙරමුණ  ගනිමින්  හැටන්  නැෂනල්  බැංකු   කණ්ඩායම මෙවර  කුසලාන  දිනා  ගැනීම කැපී  පෙනේ.

ඒ අනුව  ලකුණු 09/12 - 14/10 - 10/10 - 07/07 ක අති තියුණු  ජයක් ගුවන්  හමුදා  පිලට  එරෙහිව  අත් කර ගනිමින්  හැටන්  නැෂනල්  බැංකු  ක්‍රීඩිකාවෝ ජාතික  දැල්පන්දු  කුසලාන  තවදුරටත්  ආරක්ෂා  කර ගැනීමට  සමත්  වුහ.

කණ්ඩායම්  26 ක් සහභාගි වු මෙවර  තරගාවලියේ  තෙවැනි ස්ථානය  තේරීමේ  තරගය  ලකුණු  61/49 කට ජය  ගත්තේ වරාය  අධිකාරි කණ්ඩායම පරාජය  කළ නාවික  හමුදා  කණ්ඩායමයි.

අවසන්  පුර්ව වටයේදී හැටන්  නැෂනල්  කණ්ඩායම විසින් වරාය අධිකාරි  කණ්ඩායමද (48/28), ගුවන් හමුදා  කණ්ඩායම විසින් නාවික  හමුදා  කණ්ඩායමද ( 42/22) පරාජයට  පත් කළහ.

ජාතික  කණ්ඩායමේ ප්‍රබලතම  ක්‍රීඩිකාවන් බහුතරයකගෙන් සමන්විත හැටන්  නැෂනල්  බැංකු  පිලට  එරෙහිව  ඊයේ  ගූවන් හමුදා කණ්ඩායම දැක්වූ  දස්කම් හමුවේ තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාවට හිමි දැල්පන්දු  රැජින සම්මානය  දිනා  ගැනිමට සමත්  වුයේ එහි රෂ්මි දිව්‍යාජලී විසිනි.

ශ්‍රී  ලංකා  දැල්පන්දු  සම්මේලනයේ  මෙහෙයවීමෙන් තරගාවලිය සංවිධානය  කෙරුණි. කුසලාන  හා තිළිණපත් ප්‍රදානය  ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියන් වන යස්මින් ධර්මරත්න, ඔලිවියා ගමගේ හා ඩයලොග් ආසිආටා සමාගමේ හෂානු සේනාරත්න  යන මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 

අවසන් තරගය එරංග සිතාර හා නිරෝෂන් ප්‍රියරංජන යන මහත්වරු විනිශ්චය කළහ.

දක්ෂතම ඉදිරිපෙළ ක්‍රීඩිකාව: සුරේඛා පෙරේරා (හැටන් නැෂනල් බැංකුව)

දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව: රුක්ෂලා හපුආරචිචි (ගුවන් හමුදාව)

දක්ෂතම පන්දු විදින්නිය: දර්ෂිකා අබේවික්‍රම (හැටන් නැෂනල් බැංකුව)


අදහස් (0)

හැටන් නැෂනල් බැංකුව ශූරතාව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.