Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හර්ෂණ, තෙවිනි, ඊෂා ආසියානු පදක්කම් දිනති

හර්ෂණ, තෙවිනි, ඊෂා ආසියානු පදක්කම් දිනති

ශනුක අරවින්ද - 2015 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පූරුවේදී පැවැති 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියෙන් රිදී පදක්කම් දෙකක්, ලෝකඩ පදක්කමක් සහ කුසලතා සම්මාන 11 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

මෙම කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ ලේකම් නිර්මලා ඊරියගම මහත්මිය ඇතුළු නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැණින.

මෙම තරගාවලියට රටවල් 15 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 350ට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය මැයි 30 වැනිදා සිට ජූනි 07 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 40 ක් තරගාවලියට සහභාගි වූහ. මෙම තරගාවලියේදී කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න වයස 13 න් පහළ ඉසව්වේදී රිදී පදක්කමක් හිමිකරගත් අතර මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඊෂා පලීල් වයස 9 න් පහළ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූහ.

මෙහිදී වයස 7 න් පහළ අධි වේගී චෙස් තරගාවලියෙන් නාවල ජනාධිපති ප‍්‍රාථමික විදුහලේ  තෙව්නි ප‍්‍රනාන්දු රිදී පදක්කමක් හිමිකරගත් අතර නෙළුනිකා මෙත්මානි, දහම්දි සන්දුල, දසුනි හංසිකා, ඉෂානි වික‍්‍රමසිංහ, සසිත් නිපුන්, මියුනි රාජපක්ෂ, කන්කානි ගමගේ,  දිනෙත් නාඔටුන්න, කිනොන් තේනුක, දෙව්නෙත්මි දහම්පි‍්‍රය සහ කොඩිකාර සචින්තන යන සිසු සිසුවියෝ කුසලතා සම්මාන හිමිකරගත්හ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාසල් චෙස් කී‍්‍රඩා සංගමය සියලූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා ගුවන් ප‍්‍රවේශපත් ලබාදී තිබුණි.


අදහස් (0)

හර්ෂණ, තෙවිනි, ඊෂා ආසියානු පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.