තියුණු සටනකින් පසුව ඉකුත් වසරේ ශූරයන්වූ කොළඹ පැසිපන්දු පිල ලකුණු 64 - 61 ක් ලෙස පරාජය කළ හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩකයෝ 2013 වසරේ කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ I කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්වූහ. ඒ වෙනුවෙන් ඔවුන්ට හිමිවූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 2 කි. අනුශූරතාව දිනාගත් කොළඹ පැසිපන්දු පිලට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් හිමිවිය.
කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් මහ තරගය, ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර දෙපිලේම කී‍්‍රඩකයන් මාරුවෙන් මාරුවට ලකුණු රැස්කිරීම හේතුවෙන් පළමු කාර්තුව 13 - 12 ක් ලෙස හම්බන්තොට බ්ලූස් පිලට ලකුණක වාසියක් අත්කර දෙමින් අවසන් විය.
දෙවැනි කාර්තුව ආරම්භයේ සිටම ලකුණු රැුස්කිරීමට පටන්ගත් හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩකයන් ලකුණු 16 ලබාගනිද්දී, තරමක පසුබෑමට ලක්වූ කොළඹ කී‍්‍රඩකයන්ට එම කාර්තුවේදී ලබාගත හැකිවූයේ ලකුණු 9 ක් පමණි. ඒ හේතුවෙන් ලකුණු 28 - 22 ක් ලෙස හම්බන්තොට බ්ලූස් පිලට වැඩි වාසි අත්කර දෙමින් තරගයේ පළමු අර්ධය නිමාවිය.
කොළඹ පැසිපන්දු පිලට වඩා ලකුණු 6 ක් ඉදිරියෙන් සිටිමින් තරගයේ තෙවැනි කාර්තුව ඇරඹු හම්බන්තොට බ්ලූස් පිලට එහිදී ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි. ඒ වන විට තමන් අතින් ගිලිහී තිබූ තරගය, නැවතත් තමන් වෙතට හරවා ගැනීමට සමත්වූ කොළඹ කී‍්‍රඩකයෝ එහිදී ලකුණු 19 රැුස්කරමින් බ්ලූස් පිලට දැඩි පීඩනයක් එල්ල කළහ.
ලකුණු 41 - 38 ක් ලෙස කොළඹ පැසිපන්දු පිල තරගයේ පෙරමුණ ගනිමින් අවසන් කාර්තුව ආරම්භවූ නමුත්, එහි වැඩි වාසි අත්කරගැනීමට හම්බන්තොට බ්ලූස් පිල සමත්විය.
තරගයේ අවසන් විනාඩිය ගතවන විටත් ලකුණු 55 - 52 ක් ලෙස හම්බන්තොට බ්ලූස් පිල ඉදිරියෙන් සිටියද, කොළඹ පැසිපන්දු පිලේ ප‍්‍රනීත් උඩුමගලගේ අති විශිෂ්ඨ කී‍්‍රඩා විලාශය හේතුවෙන් අවසන් තත්පර 6 තුළදී තවත් ලකුණු 3 ක් රැස්කරගනිමින් ලකුණු තත්ත්වය සම කරගැනීමට කොළඹ පැසිපන්දු පිලට හැකිවිය. පැමිණ සිටි නරඹන්නන්ගේ කුතුහලය තවත් වැඩිකරමින් නියමිත කාලය අවසන් වන විට දෙපිලම ලකුණු 55 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූහ.
හිමිවූ අතිරේක කාලයෙන් උපරිම ඵල නෙලාගත් හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩකයෝ එම විනාඩි 5 ක කාලය තුළ ලකුණු 9 ක් රැස්කරමින් තරගය ජයගත්හ. කොළඹ කී‍්‍රඩකයන්ට අතිරේක කාලය තුලදී රැස්කරගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි.
හම්බන්තොට බ්ලූස් පිලේ ලකුණු 65 න් 26 කටම හිමිකම් කීමට මිතිල අබේසේකර සමත්විය. කොළඹ පැසිපන්දු පිල වෙනුවෙන් ගයාන් ද කෘස් ලකුණු 18 ක් රැස්කරමින් තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යෑමට තැත්කළද, ඔහුගේ වෑයම අසාර්ථක විය. ජගත් කුලතුංග සහ ප‍්‍රනීත් උඩුමගල ලකුණු 14 ක් සහ 13 ක් බැගින් රැස්කරමින් ඔහුට අනගි සහයක් ලබාදුන්හ.
ඡයාරූප - ශානුක අරවින්ද

ශූරතාව දිනාගත් හම්බන්තොට බ්ලූස් පිල කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සමග...

අනුශූරතාව දිනාගත් කොළඹ පැසිපන්දු පිල පැසිපන්දු සංගමයේ සභාපති අමාත්‍ය සරත් ඒකනායක මහතා සමග...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.