Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හංසනීගෙන් රිදී පදක්කමක්

හංසනීගෙන් රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ආසියානු සවි එසවීමේ (පවර්ලිෆ්ටින්) තරගාවලියේදී ශ‍්‍රී ලංකාවේ හංසනී ගෝමස් කිලෝග‍්‍රෑම් 53 කාන්තා බර පංතියේ රිදී පදක්කම දිනා ගැනීමට අද (11) සමත්වුවාය. අන්තර්ජාතික සවි එසවීමේ තරගාවලියකදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තාවේ.

ස්කොට් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 105, බෙන්ච් ප්‍රෙස් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 50 ක් සහ ඩෙට් ලිෆ්ට් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 112 ක් ලෙස කිලෝග‍්‍රෑම් 267 ක බරක් ඔසවමින් හංසනී මෙම ක‍්‍රම සියල්ලගෙන්ම සහ එකතුවෙන් රිදී පදක්කම් දිනා ගත්තාය. මෙම බර පංතියේ රන් පදක්කම පිලිපීන ක‍්‍රීඩිකාවක් දිනාගත් අතර ඉන්දියාව ලෝකඩ පදක්කම හිමි කර ගත්තේය.

හංසනී, බර ඉසිලීමේ ක‍්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග‍්‍රහණ ලැබු ක‍්‍රීඩිකාවකි. ඇය මෙම වසරේ ඉන්දියාවේ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ කාන්තා තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 48 බර පංතියේ රිදී පදක්කම දිනාගත් ක‍්‍රීඩිකාවයි.

ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව දිනාගත් පදක්කම් අතරේ පළමු පදක්කම දිනා ගැනීමේ ගෞරවය ද ඇය හිමිකර ගත්තාය.

මේ මස 13 වැනිදා දක්වා රටවල් 16 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු සවි එසවීමේ තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගිවී සිටින්නේ වසර 13 කට පසුවය. මෙම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ නව දෙනෙක් සහභාගිවී සිටිති.

පොදුරාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ රන් පදක්කම් ලාභියකු වන ශ‍්‍රී ලංකාවේ රන්සි`ඵ ජයතිලක හෙට (12) තරග වැදීමට නියමිතය.

 


අදහස් (0)

හංසනීගෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.