ඉන්දීයාවේදී පැවැති කනිෂ්ඨ සහ ආධුනික විවෘත මේසපන්දු තරගාවලියේ ආධුනික බාලක කාණ්ඩයේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සෙනුර සිල්වා සමත් විය.
අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වට 3-2 ක් ලෙස ඇමරිකානු ක්‍රීඩක ෂේත් වේඞ් පරාජය කරමින් සෙනුර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එහෙත් අවසන් පූර්ව වටයේදී තරග වට 3-0 ක් ලෙස ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රාජ් හමුවේ පරාජය වීම හේතුවෙන් ඔහුට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.
අවසන් පූර්ව වටයේදී සෙනුර පරාජය කළ සුරේෂ් රාජ් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ අවසන් තරගයේදී තරග වට 3-2 ක් ලෙස තවත් ඉන්දීය ක්‍රීඩකයෙක් වන ශ්‍රීවාස්තව දිව්‍යානාෂ් පරාජය කරමිනි.
කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන සෙනුර සිල්වා මේ වන විට 12 වැනි වියේ පසුවෙයි. මේ වසර මුලදී තායිලන්තයේ පැවැති කනිෂ්ඨ මේසපන්දු තරගාවලියටද සහභාගි වූ සෙනුර, එහිදී අවසන් ක්‍රීඩකයන් 8 දෙනා අතරට පැමීණීමටද සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.