Last Update  :  2025-07-04 11:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සිංගප්පූරුවට පැරදුණත් ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක්

සිංගප්පූරුවට පැරදුණත් ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක්

editorial - 2025 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොරියාවේ ජෙන්ජූ නුවරදී පැවැත්වෙන 13 වැනි ආසියානු යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේ ඊයේ (1) මූලික වටයේ සිය සහභාගිත්වය නිමා කරමින්  සිංගප්පූරුව සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 19 - 62 ක දරුණු පරාජයක් ලැබීය.එය ශ්‍රී ලංකාව මූලික වටයේදී පිට පිටම ලද දෙවැනි පරාජයයි.

කෙසේවූවත් සිකුරාදා (4) පැවත්වෙන අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගැනීමේ තවත් අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඉතිරිව තිබේ. ඒ හෙට (3) මැලේසියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමයි.

මූලික වටය අපරාජිතව නිමා කරමින් අවසන් තරගයට නිර්දේශ ලැබීමට සිංගප්පූරුව සමත්ව සිටියි.ඒ අනුව අනෙක් පසින් ඊට නිර්දේශ ලබා ගන්නා කණ්ඩායම තීරණය කිරීම සදහා මෙම දෙපිල අතර හෙට විශේෂ තරගය සූදානම් කර තිබේ.

එහි ජයග්‍රාහිකාව සිංගප්පූරුවට එරෙහිව කෙළින්ම අවසන් තරගයට නිර්දේශ ලබන අතර පරාජිත කණ්ඩායම සිකුරාදා හොංකොං සමග තෙවැනි ස්ථානය තේරීමේ තරගයට සුදුසුකම් ලබයි.

කෙසේවූවත් මූලික වටයේ පෙරේදා (30) දෙරට අතර පැවැති තරගයේදී මැලේසියාවට ලකුණු 62 - 40 කින් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.ඒ අනුව නැවැත තරගාවලියේ මුණ ගැසීමේදී  ඔවුන් පරාජය කිරීමේ අසීරු අභියෝගයකට ශ්‍රී ලංකාව මුහුණදී තිබේ.

ගියවර අනුශූරියන් ලෙස මෙවර තරගාවලියට එක්ව සිටින සිංගප්පූරුව ඊයේ ශ්‍රී ලංකාවට එරෙහිව වට හතරේදීම පෙරමුණ ගත්තේ 17/03 - 17/03 - 11/04 - 16/08 ක් පරිදිය.ඊයේ තරග පරාජය පිළිබදව ලංකාදීප යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය මෙසේ පැවැසීය.

”සිංගප්පූරු කණ්ඩායමේ පළපුරුද්දත් එක්ක අපේ ක්‍රීඩිකාවන් තරගයේ ආරම්භයේ සිටම ඔවුන්ට බය වෙලා ඉන්න බවක් පෙණුනා.ඒ තත්වය වෙනස් කරන්න මම උපරිම වෙහෙසක් ගත්තා.

නමුත් මෙවර තරගාවලියට එක් වෙලා ඉන්න කණ්ඩායම් සියල්ලෙන්ම පෙර පුහුණු අත්දැකීම් අඩුම කණ්ඩායම අපේ කිව්වොත් නිවැරදියි.කිසිදු පෙර පුහුණු තරගයක අත්දැකීමක් නැතිව තමයි අපේ ක්‍රීඩිකාවෝ තරගාවලියට මේ ඇවිත් ඉන්නේ”

නිමාවට පත්වූ මූලික වටයේදී ශ්‍රී ලංකාව විසින්ි හොකොං (50/31) හා ඉන්දියාව (71/30) පරාජය කරනලදි.


අදහස් (0)

සිංගප්පූරුවට පැරදුණත් ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.