වර්තමානයේදී අන්තර්ජාතික ක‍්‍රීඩා උළෙලක් සඳහා සහභාගි වීම පමණක් අනුමත කළ නොහැකි බවත්, සහභාගිත්වයේ අත්දැකීම් ලබා ගැනීමට නම් අන්තර්ජාලය වැනි නවීන තාක්ෂණය යොදාගත හැකි බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ග්ලාස්ගෝ නුවරදී ලංකාදීපයට පැවසීය.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී නිමාවට පත්වූ 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ලද පරාජය ගැන කළ විමසුමකදී ඔහු එසේ පැවසීය.
එම ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ දස්කම් එක් රිදී පදක්කමකට පමණක් සීමා විය. ඊට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩා ඉසව් 13ක් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 104 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි විය.
”ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර අර්බුදයක් නිර්මාණය වෙලා දැන් එය අවසන් වේගෙන එන අවස්ථාවක ඒ ගැන වඩාත් පරිස්සමෙන් කතා කරන්න මට සිද්ධ වෙනවා”
”ඇත්තම කතාව නම් සමහරු මේ වගේ අන්තර්ජාතික ක‍්‍රීඩා උළෙලක් අවසන් වුණ ගමන් ශ්‍රී ලංකාවට පදක්කම් නෑ කියලා බනින්නෙ ජාතික ඔලිම්පික් කමිටුවට.... නමුත් ඒක නොදැනුවත්කමට කරන චෝදනාවක් වගේ”
”ජාතික ඔලිම්පික් කමිටුවට පැවරී තිබෙන්නේ අන්තර්ජාතික ක‍්‍රීඩා උළෙලවලදී ශ්‍රී ලංකාවේ සහභාගිත්වය වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු කරන්නයි. ඒක පදක්කම් නිෂ්පාදනය කරන කම්හලක් නොවන බව මම මීට පෙරත් කියලා තිබෙනවා. ඒකට රටේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවක් කියලා එකක් තිබෙනවා” යයි ද ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී ඔහු අවධාරණය කර සිටින්නේ රටේ ක‍්‍රීඩා 52ක් තිබුණත් මෙවැනි අන්තර්ජාතික ප‍්‍රධාන පෙළේ ක‍්‍රීඩා උළෙල සඳහා පදක්කම් විශ්වාසය වඩාත් පවතින ක‍්‍රීඩා ඉසව් කීපයක් පමණක් තෝරාගෙන ඒ සඳහා දීර්ඝකාලීන පුහුණු හා ප‍්‍රවර්ධන වැඩසටහන් දැන් සිටම ආරම්භ කළ යුතු බවත්ය.
”මේවා හැමදාම අප කියන එකක්. මිනිස්සුන්ට විහිළුවක් වගේ පෙනෙයි. ගෝල්ඞ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට අවම පදක්කම් කීපයක් හෝ දිනා ගැනීමේ උනන්දුවක් තිබෙනවා නම් ග්ලාස්ගෝ සංචාරය නිමවූ වහාම ඒ ගැන හිතන්න වෙනවා.
එහෙම නොවුණොත් ගෝල්ඞ් කොස්ට් ක‍්‍රීඩා උළෙලේදී වෙන්නෙත් ඔය ටිකම තමයි” යයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පැවසීය.
ක‍්‍රීඩා උළෙලට මාස හයකට කලින් දැන් මෙන් පුහුණු සංචිත ආරම්භ කිරීම නොව, ගෝල්ඞ් කොස්ට් ක‍්‍රීඩා උළෙලට මෙතැන් සිට ස්ථිර පුහුණු සංචිත අඛණ්ඩව පවත්වාගෙන යාම එහි පළමු පියවර විය යුතු බවද ඔහු පෙන්වා දෙයි. ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලබාදිය හැකි සියලූ සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවද හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ඒ සඳහා තෝරා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනත් සියලූ කටයුතුවලින් නිදහස් කළ යුතු අතර, ඔවුන්ගේ ජීවිතයේ සියලූ කටයුතු බලධාරීන් විසින් බාර ගත යුතු බවද හෙතෙම කියයි.
ඕස්ටේ‍්‍රලියාවේ ”ගෝල්ඞ් කොස්ට්” නගරයේදී වසර 2018 අපේ‍්‍රල් 4 සිට 15 වැනිදා දක්වා 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල පැවැත්වේ.
ක‍්‍රීඩා ඉසව් 17ක් ඊට ඇතුළත් වේ. මලල ක‍්‍රීඩා, ජල ක‍්‍රීඩා, බැඞ්මින්ටන්, පැසිපන්දු, බොක්සිං, පාපැදි, ජිම්නාස්ටික්, හොකී, දැල්පන්දු, රග්බි, සත් සාමාජික ඉලක්කයට වෙඩි තැබීම, ස්කොෂ්, මේසපන්දු, තුන්ප‍්‍රයාම, බර ඉසිලීම් හා මල්ලවපොර එම ක‍්‍රීඩා ඉසව් වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.