Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සසිත් - රනිඳු ග්‍රෑන්ඩ් මාස්ටර් තරගාවලියට යති

සසිත් - රනිඳු ග්‍රෑන්ඩ් මාස්ටර් තරගාවලියට යති

editorial - 2021 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

බංග්ලාදේශයේ ඩකාහි පැවැත්වෙන ශීක් හසීනා ජාත්‍යන්තර ග්‍රෑන්ඩ් මාස්ටර් චෙස් තරගාවලියට සහභාගීවීම සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන් පියුමන්ත හා කොළඹ නාලන්දා විද්‍යාලයේ රනිදු දිල්ෂාන් ලියනගේ අද (18) අලුයම දිවයිනෙන් පිටත්ව ගියහ. සසිත් නිපුන් පියුමන්ත ශ්‍රී ලංකාවේ පළමු යොවුන් ආසියානු චෙස් ශූරයා වන  අතර රනිදු දිල්ෂාන් ලියනගේ ජාතික චෙස් ශූරයා වෙයි

බංග්ලාදේශ චෙස් සම්මේලනය සිය අගමැතිනියගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන මේ චෙස් තරගාවලිය හෙට (19 වැනිදා) සිට 27 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අගනුවරදී පැවැත්වේ.

මෙම චෙස් තරගාවලියට බංග්ලාදේශය, ශ්‍රීලංකාව, ඉන්දියාව, නේපාලය, ඉරානය, බෙල්ජියම, පකිස්තානය, යුක්රේනය, කසකස්ථානය ඇතුළු ආරාධිත රටවල් 10 ක චෙස් ක්‍රීඩකයෝ 60 ක් පමණ සහභාගීවෙති.

ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීම් අනුව ඉහලම ප්‍රසාද ලකුණු ලබා චෙස් ක්‍රීඩකයින්ට  පමණක් මේ තරගාවලියට  සහභාගීවිය හැකිය.

ජාත්‍යන්තර චෙස්  ශ්‍රේණිගත ලකුණු 2231ක් හිමි සසිත් නිපුන් පියුමන්තට සහ ශ්‍රේණිගත ලකුණු 2197 ක් හිමි රනිදු දිල්ෂාන් ලියනගේට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලියට සහභාගිවීමට අවස්ථාව ලැබී තිබේ.

එම්.සසිත් නිපුන් පියුමන්ත

 

රනිදු දිල්ෂාන් ලියනගේ


අදහස් (0)

සසිත් - රනිඳු ග්‍රෑන්ඩ් මාස්ටර් තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.