Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සචින් ඩයස්ට පාසලෙන් හරසර

සචින් ඩයස්ට පාසලෙන් හරසර

ශනුක අරවින්ද - 2014 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ නැන්ජිං නුවරදී පැවැති දෙවැනි යොවුන් ඔලිම්පික් උළෙලේදී බැඞ්මින්ටන් මිශ‍්‍ර යුගළ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් සචින් ඩයස්ට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් සචින් ඩයස් ඉගෙනුම ලබන මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී අනිද්දා (11 වැනිදා) පැවැත්වේ.

ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුන්, ගුරු මණ්ඩලය සහ ආදි සිසුන් විසින් හෙට පෙරවරු 7.30 ට මොරටුව කුරුස හන්දියේදී පිළිගනු ලබන සචින් ඩයස් එතැන් සිට විවෘත රථයකින් විද්‍යාලය කරා කැඳවාගෙන යනු ලබයි. අනතුරුව පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකින් පසු ප‍්‍රධාන රැුස්වීමක් පවත්වා විද්‍යාලයීය ශාලාවේදී උපහාර උත්සවය පැවැත්වේ.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පති බොනී ප‍්‍රනාන්දුපුල්ලේ පියනමගේ අධීක්‍ෂණය ඇතිව, විද්‍යාලයීය ගුරු මණ්ඩලය, විද්‍යාලයීය සංගමය සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කරනු ලැබේ.


අදහස් (0)

සචින් ඩයස්ට පාසලෙන් හරසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.