අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවති 13 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලියේදී ජයග‍්‍රාහී ස්ථාන 17 ක් දිනාගැනීමට සියැට් ධාවක කණ්ඩායම සමත්වී තිබේ.
ඊට ප‍්‍රථම ස්ථාන 3 ක්, දෙවැනි ස්ථාන 3 ක් තෙවැනි ස්ථාන 6 ක්, සිව්වැනි ස්ථාන 4 ක් සහ පස්වන ස්ථානයක් ඇතුළත් විය.
සියැට් කණ්ඩායම දිනාගත් ප‍්‍රථම ස්ථාන 3 න් 2 කටම හිමිකම් කීමට ප‍්‍රවීන මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ සමත්වූ අතර අනෙක් ප‍්‍රථම ස්ථානය තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා වූ ජනක ඩයස්ට හිමිවිය.
එම පළමු ස්ථානයට අමතරව, සියැට් කණ්ඩායම දිනාගත් දෙවැනි ස්ථාන 3 න් 2 කට හිමිකම් කීමටද ජනක ඩයස් සමත්විය.
උපුල්වන් සේරසිංහ, ජනක ඩයස්, ලක්මාල් විජේරත්න, ලලින් කිරින්ද, ප‍්‍රසන්න ද අල්විස්, උෂාන් පෙරේරා, පසිඳු පීරිස්, ලෙෆ්ටිනන් කර්නල් දුමින්ද ජයසිංහ, ලෙෆ්ටිනන් කර්නල් ඉන්දු සමරකෝන්, ජැක්ස් ගුණවර්ධන සහ දේෂාන් සෝලංකි යන කී‍්‍රඩකයෝ මේ වසරේ සියැට් ධාවක කණ්ඩායම නියෝජනය කරති.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.