Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශූරතාව වෙළඳ සේවා පිලට

ශූරතාව වෙළඳ සේවා පිලට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනයේදී අද (26) නිමාවට පත්වූ අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ ශූරතාව වෙළෙඳ සේවා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. යාපනය දුරේඅප්පා පිටියේදී පැවැති අවසන් මහ තරගයේදී යාපනය - ‘ඒ’ කණ්ඩායම ලකුණු 53-19කට පරාජය කරමින් වෙළෙඳ සේවා ක්‍රීඩිකාවෝ මෙවරත් තරගාවලියේ ජය තහවුරු කර ගත්හ.

ඒ වට හතරේදී ලකුණු 15-4, 16-4, 12-4 හා 10-07ක් පරිදි වාර්තා කරමිනි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය යාපනයේදී පළමු වතාවට ප්‍රධානතම දැල්පන්දු තරගාවලියක් සංවිධානය කළද ඒ සඳහා අවම කණ්ඩායම් ගණනක් සහභාගිවීමෙන් තරගාවලිය ඇල්මැරුණු ස්වභාවයක් ගත්තේය.

ඒ සඳහා කණ්ඩායම් 26ක් සහභාගි වන බව ප්‍රකාශ වුවත් දුරේඅප්පා ක්‍රීඩාංගණයට වාර්තා කර තිබුණේ කණ්ඩායම් 10ක් පමණි. එයින්ද කණ්ඩායම් දෙකක් සත්කාරක යාපනය දිස්ත්‍රික් දැල්පන්දු සංගමයත් ඉදිරිපත් කර තිබුණි.

එහිදී යාපනය ‘ඒ’ කණ්ඩායම මෙවර අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය. මෙලෙස අවම කණ්ඩායම් සහභාගිත්වය හේතුවෙන් දුරේඅප්පා පිටියේදී දින හතරක් පුරා පැවැත්වීමට සැළසුම් කර තිබූ තරගාවලිය දින තුනකට සීමා කෙරුණි.

එහිදී අවසන් පූර්ව වටයේදී වෙළෙඳ සේවා කණ්ඩායම විසින් රාජ්‍ය සේවා කණ්ඩායමද (50-15) යාපනය ඒ කණ්ඩායම විසින් යාපනය - ‘බී’ කණ්ඩායමද (41-21) පරාජයට පත් කළහ.

අර්ධ අවසන් පූර්ව වටයේදී යාපනය- ‘බී’ කණ්ඩායම මහවැලි කණ්ඩායම (40-20) පරාජය කළේය. බදුල්ල කණ්ඩායම නොපැමිණීමෙන් වෙළෙඳ සේවා කණ්ඩායමට එම වටයේදී නිතරග ජයක් හිමි විය. කිලිනොච්චිය හා මන්නාරම යන කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට සූදානම් කර තිබූ එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට එම කණ්ඩායම් දෙකම නොපැමිණීමෙන් ලකුණු ක්‍රමයක් මත යාපනය ‘ඒ’ කණ්ඩායම කෙළින්ම අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගත්තේය.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, ක්‍රීඩා අමාත්‍යාංශය හා යාපනය දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සහයෝගයෙන් සංවිධානය කළ මෙම තරගාවලියට කණ්ඩායම් රැසක් සහභාගි නොවූයේ වියදම් සොයා ගැනීමේ ප්‍රශ්න මත යයි දැල්පන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 


අදහස් (0)

ශූරතාව වෙළඳ සේවා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.