ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සංවිධානය කළ 20 වැනි ජාතික කබඩි තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත්වුහ. නාවික හමුදා කණ්ඩායම සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනා ගත්තේය.
සුපර් ලීග්, ‘ඒ’ කොටස සහ ආධුනික ලෙස කාණ්ඩ තුනක් යටතේ පැවැති මෙම තරගාවලිය කොළඹ ටොරින්ටන් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී අගහරුවාදා(21) නිමාවිය.
ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පැවැති සුපර් ලීග් පිරිමි අවසන් මහා තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 38/23 ක ජයක් ලැබීය. යුද හමුදා කණ්ඩායම ලකුණු 24/20 කින් පරාජය කරමින් නාවික හමුදා ක්‍රීඩිකාවෝ සුපර් ලීග් කාන්තා ශූරතාව දිනාගත්හ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති සහ ඛනිජ තෙල් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි සහ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
සෙසු අවසන් තරග ප්‍රතිඵල:
පිරිමි
‘ඒ’කොටස
යුද හමුදා කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදී. (ලකුණු 36/9)
ආධුනික ඉසව්ව
තඹුත්තේගම මකුලෑව ක්‍රීඩා සමාජය විසින් ඇඹිලිපිටිය ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (ලකුණු 18/35)
කාන්තා
‘ඒ’කොටස
මාවනැල්ල ආසිරි ක්‍රීඩා සමාජය විසින් යුද හමුදා කණ්ඩායම පරාජය කරන ලදී. (ලකුණු 21/17)
ආධුනික ඉසව්ව
දෙහිඅත්තකණ්ඩිය ළිහිණි ක්‍රීඩා සමාජය විසින් මාවනැල්ල ආසිරි ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (ලකුණු 32/4)
|
සුපර් ලීග් පිරිමි ශූරතාව දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම |
|
සුපර් ලීග් කාන්තා ශූරතාව දිනාගත් නාවික හමුදා කණ්ඩායම |
|
‘ඒ’ කොටසේ පිරිමි ශූරතාව හිමිකර ගත් යුද හමුදා කණ්ඩායම |
|
‘ඒ’ කොටසේ කාන්තා ශූරතාව හිමිකර ගත් මාවනැල්ල ආසිරි ක්‍රීඩා සමාජය |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.