Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ගෝවේ නගරයේදී මේ දින වල පැවැත්වෙන ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේ අද (24 වැනිදා) පැවති තරග වලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්මක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එම පදක්කම් 6 න් 5 ක්ම මලල කී‍්‍රඩාවෙන් දිනාගන්නා ලද අතර ජූඩෝ කී‍්‍රඩාවෙන්ද පදක්කමක් හිමි විය.
පිරිමි තුන් පිම්ම තරගයට සහභාගීවූ දිනේෂ් කුමාර සහ කාන්තා මීටර් 400 තරගයට සහභාගීවූ උපමාලිකා රත්නකුමාරි, කේවල තරග වලදී ශී‍්‍ර ලංකාව සතුවූ රන් පදක්කම් 2 ට හිමිකම් කී අතර මීටර් 100 × 4 තරගයට සහභාගීවූ ශී‍්‍ර ලංකා සහය දිවීමේ කණ්ඩායම, කණ්ඩායම් තරග වලින් ශී‍්‍ර ලංකාව සතුවූ එකම රන් පදක්කමට හිමිකම් කීවේය. එම සහය දිවීමේ කණ්ඩායමට උමයංග සංජීව, හිමාෂ ඒෂාන්, අෂාන් හසරංග සහ අබ්දුල් ලතීෆ් යන කී‍්‍රඩකයෝ ඇතුළත් වූහ.
පිරිමි මීටර් 110 තරගයේ රිදී පදක්කම දිනාගැනීමට හසිත් නිර්මාල් සමත්වෙද්දී, ජානි චතුරංගනී, චාමලී දිල්රුක්ෂි, ධනුෂිකා ලලින්ද්‍රි සහ යමුනා නිරංජනී යන කී‍්‍රඩිකාවන්ගෙන් සමන්විතවූ කාන්තා 100 × 4 සහය දිවීමේ කණ්ඩායම ශී‍්‍ර ලංකාවට තවත් රිදී පදක්කමක් දිනාදීමට සමත්විය.
අද දිනයේදී ශී‍්‍ර ලංකාව සතුවූ එකම ලෝකඩ පදක්කමට දිනාගැනීමට ජූඩෝ කි්රලෝග්රෑම් 73 බර පංතියෙන් තරගවැදුණු චාමර නුවන්ට හැකිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.