Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකාවට මූලික වටයේ ජයග‍්‍රහණ 4 ක්

ශී‍්‍ර ලංකාවට මූලික වටයේ ජයග‍්‍රහණ 4 ක්

ශනුක අරවින්ද - 2016 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේදී පැවැත්වෙන 22 වැනි ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේ කනිෂ්ඨ කේවල ඉසව්වේ මූලික වටයේදී ජයග‍්‍රහණ අත්කර ගැනීමට ශ්‍රී ලංකාවේ සුපුන වරුසවිතාන, කි‍්‍රෂාන් වික‍්‍රමරත්න, හංසනී පියුමිලා සහ ශේෂලා බණ්ඩාර යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

කනිෂ්ඨ කේවල (බාලක) ඉසව්වේ තරගයකදී වට 3-0 ක් ලෙස සවුදි ආරාබියේ අලායිල් අලී පරාජය කිරීමට සුපුන වරුසවිතාන සමත් වූ අතර වට 3-2 ක් ලෙස කසකස්තානයේ අල්මුතයිරි පරාජය කිරීමට කි‍්‍රෂාන් වික‍්‍රමරත්න සමත් විය.

හංසනී පියුමිලා තරග වට 3-1 ක් ලෙස සිංගප්පූරුවේ ටෑන් එන් පරාජය කරමින්ද, ශේෂලා බණ්ඩාර තරග වට 3-0 ක් ලෙස කසකස්තානයේ ඇසටෝවා පරාජය කරමින්ද කනිෂ්ඨ කේවල (බාලිකා) ඉසව්වෙන් ජයග‍්‍රහණ වාර්තා කළහ.

එම ජයග‍්‍රහණ 4 හැරුණුකොට ශ්‍රී ලංකා කි‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ඊයේ දිනයේදී (20 වැනිදා) සහභාගි වූ මූලික වටයේ සෙසු තරග සියල්ල පරාජයට පත් වූහ.

ශ්‍රී ලංකා කි‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ජයග‍්‍රහණය කළ තරග

  • සුපුන වරුසවිතාන (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-0 ක් ලෙස  අලායිල් අලී (සවුදි අරාබිය) පරාජය කරන ලදි. (11/08, 11/08, 11/05)
  • කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-2 ක් ලෙස  අල්මුතයිරි (කසකස්තානය) පරාජය කරන ලදි. (11/06, 11/05, 07/11, 04/11, 11/07)
  • හංසනී පියුමිලා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-1 ක් ලෙස ටෑන් එන් (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (11/07, 11/07, 08/11, 11/05)
  • ශේෂලා බණ්ඩාර (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-0 ක් ලෙස ඇසටෝවා (කසකස්තානය) පරාජය කරන ලදි. (11/07, 11/07, 11/03)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට මූලික වටයේ ජයග‍්‍රහණ 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.