Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකා හොකී පිල හොං කොං පරදවයි

ශී‍්‍ර ලංකා හොකී පිල හොං කොං පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති ලෝක හොකී ලීග් තරගාවලියේදී ගෝල 6-1 ක් ලෙස හොං කොං පිල පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගය සෙනසුරාදා ඩකා නුවර මෞලානා බෂානි කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

ලෝක හොකී ලීග් තරගාවලියේ පළමු වටය වූ මෙම තරගාවලියේදී ශූරතා දිනාගැනීමට සමත් වූ බංග්ලාදේශය විසින් ශී‍්‍ර ලංකාව (3-2) මෙන්ම හොං කොං පිලද (3-1) පරාජය කරන ලදි. තරගාවලිය ඉරිදා (7 වැනිදා) ඩකා නුවර මෞලානා බෂානි කී‍්‍රඩාංගණයේදී අවසන් විය.

හොං කොං පිලට එරෙහිව පැවැති තරගයේ 3 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් ධම්මික රණසිංහ ශී‍්‍ර ලංකා පිල ඉදිරියට ගෙන ආවේය. 30 වැනි විනාඩියේදී මොහොමඞ් මුලාෆර්ද, 43 වැනි විනාඩියේදී සඳනුවන් පි‍්‍රයංලකද ගෝල ලබාගත් අතර තවත් විනාඩි 2 කින් පසුව ධම්මික රණසිංහ සිය දෙවැනි ගෝලය ලබාගත් හෙයින් 45 වැනි විනාඩිය වන විට ශී‍්‍ර ලංකා පිල 4-0 ක් ලෙසින් ඉදිරියෙන් විය.

හොං කොං පිලේ ෆීලික්ස් 47 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් නමුත් විනාඩියක ඇවෑමෙන් ලක්ෂාන් නානායකක්කාරද 54 වැනි විනාඩියේදී මොහොමඞ් මුලාෆර් සිය දෙවැනි ගෝලයද ලබාගත් හෙයින් 6-1 ක පහසු ජයක් ශී‍්‍ර ලංකා පිලට ලැබිණ.

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලබාගත් ගෝල දෙකෙහිම හිමිකරුවා වූයේ සඳනුවන් පි‍්‍රයංලකය.


අදහස් (0)

ශී‍්‍ර ලංකා හොකී පිල හොං කොං පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.