Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශාමල්ට අවසන් පූර්ව වටය මඟහැරෙයි

ශාමල්ට අවසන් පූර්ව වටය මඟහැරෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙස්ට් සංගමය සංවිධානය කරන ‘එෆ්-2 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ අද (20 වැනිදා) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්තයේ පෘච්‍යා ඉසරෝ හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ ශාමල් දිසානායකට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය. 

ශාමල්ට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේ පළමු වටයෙන් ලකුණු 6/4 ක ජයක් ලැබූ ඉසරෝ, දෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජයගනිමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. 

මූලික වටයේදී තරගයකදී වට 2-1 ක් ලෙස යුක්රේනයේ ලැඩිස්ලැව් ඕර්ලොව් පරාජය කළ ශාමල්, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස තායිලන්තයේ චැන්චායි සූක්ටොන් පරාජය කරමිනි. 

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 20 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 48 දෙනෙක් සහභාගි වී සිටිති. 

 


අදහස් (0)

ශාමල්ට අවසන් පූර්ව වටය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.