වයස 15 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය සමත් විය. කළාපීය තරගාවලියේ අනු ශූරතාව දිනාගනිමින් ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ‘ඒ’ කාණ්ඩයට සුදුසුකම් ලබාගත්තේ වසර 13 කට පසුවය.
බී කාණ්ඩයේ අවසන් මහ තරගයේදී ලකුණු 50/19 ක් ලෙස ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය පරාජය කළ නුගේගොඩ ශාන්ත ජෝෂප් කන්‍යාරාමය කළාපීය තරගාවලියේ ශූරතාව දිනාගත් අතර බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට එහි තෙවැනි ස්ථානය හිමිවිය.
‘ඒ’ කාණ්ඩයට සුදුසුකම් ලබාගත් කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාම කණ්ඩායම
පළමු පෙළ වමේ සිට - රමේෂ් ප්‍රනාන්දු මහතා (පුහුණුකරු), ජීවනී හෙට්ටිආරච්චි මහත්මිය (ක්‍රීඩා භාර ආචාර්ය), ගරු ඇලෙක්සැන්ඩ්‍රා මෙන්ඩිස් කන්‍යා සොහොයුරිය (විදුහල්පති) සහ රොෂාන් රන්දිම (පුහුණුකරු)
දෙවැනි පෙළ වමේ සිට - මනීෂා දිසානායක, ස්නේහා දිසානායක, කාවින්දි රණතුංග, ෂෙනායා අබේසේකර සහ ලිසැන්ඩ්‍රා රොද්‍රිගෝ
තෙවැනි පෙළ වමේ සිට - ඔනෙලා පෙරේරා, ශ්‍යාමි පෙරේරා (නායිකා), අෂ්ලෙනි කොඩිප්පිලි, සෙනුරි වෙත්තසිංහ, නදීරා සෝරිස්, නෙටන්‍යා පෙරේරා සහ තියාෂා ප්‍රානාන්දු
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.