‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
චේතක දෙනුවන් (119) ශතකයක් සහ රිසිර ලක්වින් (66) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මතීෂ මදුශාන් කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා. සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 357
(චේතක දෙනුවන් 119, රිසිර ලක්වින් 66, තිහාන් කළිඳු 27, අරින්ත චතුරංග 27/3, රවික තරිඳු 62/2, කවීශ දුලාංජන 91/2)
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 87.3 කදී සියලුදෙනා දැවී ලකුණු 186
(ජොයෙල් පින්තු 75, අරින්ද චතුරංග 22, මතීෂ මදුශාන් 44/5)
ශා. සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 76
(තිහාන් කළිඳු 27, පුෂ්පිත දිල්ශාන් 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.