Last Update  :  2026-04-09 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවෙන් 8 ක් කිරිගිස්තානයට යති
ආසියානු මල්ලවපොර ශූරතාවලිය

ශ්‍රී ලංකාවෙන් 8 ක් කිරිගිස්තානයට යති

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කිරිගිස්ථානයයේ බ්‍රිෂ්කෙක් නුවරදී අඟහරුවාදා (7 වැනිදා) ආරම්භ වූ 22 වැනි ආසියානු මල්ලවපොර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවී සිටියි.මෙම තරගාවලිය අප්‍රේල් 12 වැනිදා දක්වා එහිදී පැවැත්වේ.

බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී (2022) ලෝකඩ පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මී අහිංසා ප්‍රනාන්දු ද මෙම තරගාවලියට සහභාගිවී සිටින අතර ශ්‍රී ලංකාව ඇගෙන් මෙම තරගාවලියේදී පදක්කමක් අපේක්ෂාවෙන් පසුවේ. නෙත්මී මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිය ඉසව්වෙන් 35 වැනි ස්ථානයේ පසුවේ.

මේ වන විට 21 හැවිරිදි නෙත්මි අහිංසා අද කිලෝග්‍රෑම් 57 - නිදහස් ආර (කාන්තා) බර පංතියෙන් තරග වැදීමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකාවේ වඩාත්ම අවධානය දිනා ගත් මල්ලවපොර ක්‍රීඩිකාව වන ඇය මේ වන විට 2024 ලෝක ශූරතා (වයස 20 න් පහළ) තරගාවලිය, එහි (2024) ආසියානු ශූරතාවලිය හා 2025 ආසියානු ශූරතාවලිය (වයස 23 න් පහළ) යන ජාත්‍යන්තර මල්ලවපොර තරගාවලි හතරකදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටියි.

මෙම තරග සංචාරය සදහා ක්‍රීඩා අමාත්‍යාංශය හැරෙන්නට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ද පෞද්ගලිකව වියදම් දරා තිබේ. තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ශාන් පෙරේරා මහතාත් පුහුණුකරුවන් ලෙස ජගත් පියරත්න (පිරිමි කාන්ඩය) හා සුරංග කුමාර (කාන්‍තා කාන්ඩය) යන මහත්වරුන් කටයුතු කරයි.

ජාත්‍යන්තර මල්ලවපොර විනිසුරු, ලසන්ත විජේකෝන් මහතා මෙවර ආසියානු තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරයි.

 

පිරිමි කණ්ඩායම - 
ලක්මාල් විජේසූරිය ( කිලෝග්‍රෑම්  86 බර පංතිය), ගයාන් කතුරංග ( කිලෝග්‍රෑම් 57 බර පංතිය), අනිල් මුණසිංහ ( කිලෝග්‍රෑම් 74 බර පංතිය) සහ චාර්ල්ස් ඩිවෝෂන් (කිලෝග්‍රෑම් 65 බර පංතිය)

කාන්තා කණ්ඩායම -
නෙත්මි අහිංසා ප්‍රනාන්දු (කිලෝග්‍රෑම්  57 බර පංතිය), නිපුනී වාසනා (කිලෝග්‍රෑම් 50 බර පංතිය) සහ ප්‍රභාසර මන්ජරී (කිලෝග්‍රෑම් 53 බර පංතිය)


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් 8 ක් කිරිගිස්තානයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.