Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට පදක්කම් 10 ක්
දකුණු ආසියානු මේස පන්දු තරග

ශ්‍රී ලංකාවට පදක්කම් 10 ක්

editorial - 2025 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියට  ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයෝ, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනා ගෙන ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ථ තරගාවලියේ දෙවන ස්ථානයත් හිමිවිය. 

මෙම තරගාවලිය දකුණු ආසියානු කළාපයේ රටවල් හයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 කගේ සහභාගීත්වයෙන් පසුගිය 24 වැනිදා සිට 27 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්විණ. 

මෙම ජයග්‍රහණ සමග ලබන ජුනි මාසයේ උස්බෙකිස්තානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මේස පන්දු ක්‍රීඩකයින් පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් සහ එම ක්‍රීඩකයින්ගේ පවුල් වල සාමාජිකයෝ පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


අදහස් (0)

ශ්‍රී ලංකාවට පදක්කම් 10 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.