Last Update  :  2025-07-01 14:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව හොංකොං පරදවයි

ශ්‍රී ලංකාව හොංකොං පරදවයි

editorial - 2025 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ ජෙන්ජූ නුවරදී ඊයේ (27) ආරම්භ වූ 13 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ මුහුණ දුන් පළමු තරගයෙන් හොංකොං ලකුණු 50 - 31 කින් පරාජය කිරීමට සමත් විය.

එම පහසු ජය ශ්‍රී ලංකා කණ්ඩායම  වාර්තා කළේ වට හතරේදීම ලකුණු 11/08 - 13/06 - 15/08 - 11/09 ක් ලෙස පෙරමුණ ගනිමිණි. නවක ක්‍රීඩිකාවන් ලෙස ෂෙනෝන් ද සිල්වා, තුමල්කා ඒකනායක, ඇතුළුව මිනාගි කන්කානිගේ, නායිකා චලනි නීෂාගේ දක්ෂතා ඊයේ තරගයේදී කැපී පෙණුනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී හයිසින්ත් විජේසිංහ මහත්මිය ඊයේ තරගය පිළිබදව අදහස් දක්වමින් පැවැසුවේ ශ්‍රී ලංකාවට මුහුණදීමේදී හොංකොං ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගය කළ හැකි මට්ටමක පැවැති බවයි.

ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික (ලීග්) වටයේ ඒ කාන්ඩයෙන් තරග වැදීමේදී හෙට (29) ඉන්දියාව සමග දෙවැනි තරගයට සහභාගි වේ.ජූලි 4 වැනිදා දක්වා තරගාවලිය ජෙන්ජු නුවරදී පැවැත්වේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව හොංකොං පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.