Last Update  :  2024-05-17 16:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව ශ්‍රේණිගත තරග වටයට

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත තරග වටයට

editorial - 2023 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී පැවැත්වෙන 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ තරග තුනෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ජැමෙයිකාවට හා දකුණු අප්‍රිකාවට පරාජය වූ ශ්‍රී ලංකාව ඊයේ (30) පැවැති මූලික වටයේ මුහුණ දුන් තෙවැනි (අවසන්) තරගයෙන් වේල්සයට පරාජය වූයේ ලකුණු 68-56 කටය. කෙසේ වුවත් එහිදී ප්‍රතිවාදියාට හොඳ තරගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 11/17-11/13-12/20-16/18ක් ලෙස වේල්ස් ක්‍රීඩිකාවෝ වට හතරේදී ලකුණු වාර්තා කළහ.

මේ අතර මූලික වටයේ සියලු තරග පරාජයට පත් වූ ශ්‍රී ලංකාව අද (31) සිට ශ්‍රේණිගත තරග වටයට එක් විය. එහිදී සිංගප්පූරුව සමග අද පළමු ශ්‍රේණිගත තරගයට සහභාගි වීමට නියමිතව සිටියේය.

හෙට (1) සිම්බාබ්වේ සමගද අනිද්දා (2) බාබඩෝස් සමග ද තවත් ශ්‍රේණිගත තරග දෙකකට ශ්‍රී  ලංකාව සහභාගිවීමට සූදානම්ව සිටියේය. ශ්‍රේණිගත තරග වටයට එක්ව සිටින සියලු කණ්ඩායම් මූලික වටයේ කාණ්ඩ පරාජිතයෝ වෙති.

ශ්‍රී ලංකාව මූලික වටයේදී ‘සී කාණ්ඩයෙන් තරග වැදි සියලු තරග පරාජය වීමෙන් කිසිදු ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට අපොහොසත්වීමෙන් එහි අවසන් තැනට වැටුණි. කෙසේවුවත් එහි සෙසු රටවල් වන ජැමෙයිකාව, සත්කාරක දකුණු අප්‍රිකාව හා වේල්සය අවසන් වටයට  ප්‍රවේශ වීමට සමත් වූහ.


අදහස් (0)

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත තරග වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.