සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියේ බාලක කේවල ඉසව්වට සහභාගි වූ ශ්රී ලංකා ක්රීඩකයන්ට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ශ්රී ලංකාව නියෝජනය කරමින් බාලික කේවල ඉසව්වට සහභාගි වූ සුපුන වරුසවිතාන මූලික වටයේදී තරග 3 කදී එක් ජයග්රහණයක් අත්කර ගැනීමට සමත් වූ අතර ක්රිෂාන් වික්රමරත්න තරග 2 කදී එක් ජයග්රහණයක් ලබා ිගැනීමට සමත් විය.
මලයාසියවේ නාචූන් ගුවාන් සමග පැවැති තරගයේ පළමු සහ දෙවැනි වට ජයගැනීමට සුපුන වරුසවිතාන සමිත් වූ අතර තෙවැනි වටය ජය ගනු ලැබූවේ නාචූන් ගුවාන් විසිනි. කෙසේ වුවත් සිව්වැනි වටයෙන් ලකුණු 11/6 ක පහසු ජයක් අත්කරගත් සුපුන වට 3-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
ක්රිෂාන් වික්රමරත්න සහ තායිලන්තයේ කුම්රෝන් හිරුන්යසිරි අතර පැවැති තරගයේ පළමු සහ දෙවැනි වට ජය ගැනීමට ක්රිෂාන් සමත් වුවද, තෙවැනි සහ සිව්වැනි වට ජයගැනීමට කුම්රෝන් හිරුන්යසිරි සමත් විය.
තීර්ණාත්මක වූ අවසන් වටයෙන් ලකුණු 21/19 ක් ලෙස තියුණු ජයක් අත්කරගත් ක්රිෂාන් සමස්ත තරගය වට 3-2 ක් ලෙස ජයගත්තේය.
බාලක කේවල වටයේ ශ්රී ලංකා ක්රීඩකයන් සහභාගි වූ තරග
■ සුපුන වරුසවිතාන විසින් තරග වට 3-1 ක් ලෙස නාචූන් ගුවාන් (මලයාසියාව) පරාජය කරන ලදි. (11/9, 11/2, 4/11, 11/6)
■ ලූකස් ටාන් (සිංගප්පූරුව) විසින් තරග වට 3-1 ක් ලෙස සුපුන වරුසවිතාන පරාජය කරන ලදි. (11/3, 11/5, 10/12, 11/6)
■ මනුෂ් උට්පල් (ඉන්දියාව) විසින් තරග වට 3-2 ක් ලෙස සුපුන වරුසවිතාන පරාජය කරන ලදි. (6/11, 11/4, 11/13, 12/10, 11/6)
■ ක්රිෂාන් වික්රමරත්න විසින් තරග වට 3-2 ක් ලෙස කුම්රෝන් හිරුන්යසිරි (තායිලන්තය) පරාජය කරන ලදි. (16/14, 11/7, 6/11, 9/11, 21/19)
■ ලී කේලී (චීනය) විසින් තරග වට 3-0 ක් ලෙස ක්රිෂාන් වික්රමරත්න පරාජය කරන ලදි. (11/6, 11/5, 11/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.