Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි

ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි

ශනුක අරවින්ද - 2018 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බී.එන්.පී පරිබාස් කනිෂ්ඨ ෆෙඞ් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය පෙර සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකදී මාලදිවයිනට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමත්විත විය.

එහිදී අයිෂාත් හුසේන්ට එරෙහිව පැවැති පළමු කේවල තරගය වට 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වූ සවිනි ජයසූරිය, තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණුට ගෙන ආවේය. දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස මාරියම් හෂ්මා පරාජය කළ අංජලිකා කුරේරා, තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළේය.

දෙරට අතර පැවැති යුගළ තරගයේදී අයිෂාත් හුසේන්ට සහ අයිෂාත් යුම්න්ට එරෙහිව සවිනි ජයසූරිය සහ අංජලිකා කුරේරා තරග වැදුණ අතර වට 2-0 ක් ලෙස එම තරගයේ ජය හිමි වූයේද ශ්‍රී ලංකාවටය. ඒ අනුව සමස්ත තරගයෙන් 3-0 ක පූර්ණ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරග ප්‍රතිඵල
■    සවිනි ජයසූරිය (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස අයිෂාත් හුසේන් (මාලදිවයින) පරාජය කරන ලදි.
■    අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මාරියම් හෂ්මා (මාලදිවයින) පරාජය කරන ලදි.
■    සවිනි ජයසූරිය සහ අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස අයිෂාත් හුසේන් සහ අයිෂාත් යුම්න් (මාලදිවයින) පරාජය කරන ලදහ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.