Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා පිලේ නායකත්වය උමයංග මිහිරාන්ට
ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං

ශ්‍රී ලංකා පිලේ නායකත්වය උමයංග මිහිරාන්ට

editorial - 2025 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උමයංග මිහිරාන්ට ලබාදීමට බොක්සිං තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

එළබෙන සඳුදා (12 වැනිදා) සිට 23 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 33 කි. 

ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ඉකුත් වසරේදී (2024) කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ ජාතික ශූරයා බවට පත්වූ 21 හැවිරිදි මිහිරාන්, එම වසරේ දෙසැම්බර් මස තායිලන්තයේ පැවැති ආසියානු බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීමටද සමත් විය. 

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් මස 18 වැනිදා සිට මෙම මස 10 වැනිදා දක්වා කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය තුළ නේවාසික පුහුණු කඳවුරකට සහභාගි විය. එහිදී ඔවුන් අමිල අරවින්ද සහ සුජීව දසනායක යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රවීණ පුහුණුකරුවන් 10 දෙනකුගෙන් සමන්විත පුහුණුකරු මණ්ඩලයක් යටතේ පුහුණුවීම්වල නිරත වූහ. 

වයස 22 න් පහළ සහ යොවුන් ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි ඉසව් බර පංති 13 ක් යටතේද, කාන්තා ඉසව් බර පංති 12 ක් යටතේද පැවැත්වේ. එහිදී වයස 22 න් පහළ කාණ්ඩයේ තරග සඳහා 2003 ත් 2006 ත් අතර වසරවල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින අතර යෙවුන් කාණ්ඩයේ තරග සඳහා සහභාගි වන්නේ 2007 සහ 2008 වසරවල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝය. 

මෙහි වයස 22 න් පහළ කාණ්ඩය සඳහා මිහිරාන්ද ඇතුළුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10 දෙනෙක්ද, ක්‍රීඩිකාවෝ 10 ක්ද තරග වදිති. යොවුන් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු ලෙස එෆ්.එච්. අබ්දුල්ලා ඉබුනු මහතාද, සහකාර කලමණාකාරිණිය ලෙස ජී.ඩබ්.ඒ.යූ. සුලෝචනා මහත්මියද කටයුතු කරති. 

තරගාවලිය සඳහා වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සිටින්නේ කසකස්ථානයෙන් වන අතර ඒ 102 කි. කිරිගිස්ථානයෙන් 31 ක්ද, ඉන්දියාවෙන් 27 ක්ද, වියට්නායමයෙන් 24 ක්ද, තජිකිස්ථානයෙන් 23 සහ සවුදි අරාබියෙන් 23 ක් බැගින්ද මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කර තිබේ. සෙසු රටවලින් සහභාගි වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 වඩා අඩු සංඛ්‍යාවකි. 


ශ්‍රී ලංකා සංචිතය 
වයස 22 න් පහළ පිරිමි 
එස්.එම්.ඒ. දසුන්ප්‍රිය (කි.ග්‍රෑ. 48), උමයංග මිහිරාන් (කි.ග්‍රෑ. 51), එම්.ඒ.එස්. කරුණානායක (කි.ග්‍රෑ. 54), ටී.බී. මීගල්ලේ (කි.ග්‍රෑ. 57), ජේ.එම්.ටී. දේෂාන් (කි.ග්‍රෑ. 60), එම්.එම්. පාරිස් (කි.ග්‍රෑ. 63.5), ජී.වී.එච්. ජයසිංහ (කි.ග්‍රෑ. 67), කේ.එම්.එම්. බණ්ඩාර (කි.ග්‍රෑ. 71), වයි.එම්. උසයිත් (කි.ග්‍රෑ. 75) සහ එම්.කේ.එස්. බණ්ඩාර (කි.ග්‍රෑ. 92) 


වයස 22 න් පහළ කාන්තා 
කේ.එන්.එන්. පෙරේරා (කි.ග්‍රෑ. 48), එච්.එස්.ආර්. ප්‍රනාන්දු (කි.ග්‍රෑ. 50), එච්.වයි.ආර්. ප්‍රනාන්දු (කි.ග්‍රෑ. 52), කේ.එම්.එන්. සංදීපනී (කි.ග්‍රෑ. 54), එල්. කගේන්තිනී (කි.ග්‍රෑ. 57), යූ. කීර්තනා (කි.ග්‍රෑ. 60), එම්.එච්.එන්. නානායක්කාර (කි.ග්‍රෑ. 63), එච්.ඩී. සංජනා (කි.ග්‍රෑ. 66), එම්.එම්.එස්. නරසිංහ (කි.ග්‍රෑ. 75) සහ එන්.එන්. තරුෂිකා (කි.ග්‍රෑ. 63) 


යොවුන් පිරිමි 
ජී.එස්.සී. වර්ණකුලසූරිය (කි.ග්‍රෑ. 48), අයි.එන්.ඩී. තත්සර (කි.ග්‍රෑ. 51), වී.එස්. හෙට්ටිආරච්චි (කි.ග්‍රෑ. 54), ඒ.ඩබ්.ඒ. ජයතිස්ස (කි.ග්‍රෑ. 57), ටී. ආසිල් (කි.ග්‍රෑ. 60), එස්.ජී.එම්. අස්හර් (කි.ග්‍රෑ. 67) සහ ජේ.එස්.කේ. පෙරේරා (කි.ග්‍රෑ. 75) 


යොවුන් කාන්තා 
එම්.පී.ජී. මුතුගල (කි.ග්‍රෑ. 48), එන්.එස්. රහීම් (කි.ග්‍රෑ. 52), එච්.එච්.ඊ. ප්‍රනාන්දු (කි.ග්‍රෑ. 54), එම්.එස්.පී. තිතගල (කි.ග්‍රෑ. 57), කේ.එම්.එස්. නානායක්කාර (කි.ග්‍රෑ. 60) සහ ඒ.එච්.ඒ. විජේසිංහ (කි.ග්‍රෑ. 63) 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ නායකත්වය උමයංග මිහිරාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.