Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ටෙනිස් ලීග් තරගාවලිය අද සිට

ශ්‍රී ලංකා ටෙනිස් ලීග් තරගාවලිය අද සිට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්වීන්ස් ක්‍රීඩා සමාජය පළමු වරට සංවිධානය කරන ශ්‍රී ලංකා ටෙනිස් ලීග් තරගාවලිය ක්වීන්ස් ක්‍රීඩා සමාජ  ටෙනිස් ක්‍රීඩාංගණයේදී හෙට (30 වැනිදා) ආරම්භ වේ. ජැට් හෝල්ඩිං සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජූලි මස 3 වැනිදා දක්වා පැවැත්වේ.

‘එස්. එල්. ටී. ටස්කර්ස්’, ‘කාර්ගීල්ස් ඊගල්ස්’, ‘එන්. එස්. බී. ජගුවර්ස්’ සහ ‘ක්‍රවුන් ශාක්ස්’ ලෙස කණ්ඩායම් හතරක් තරග වැදීමට නියමිතය.

එස්. එල්. ටී. ටස්කර්ස් කණ්ඩායමේ නායිකාව ලෙස ශලිනි ද සිල්වාත්, කාගීල්ස් ඊගල්ස් කණ්ඩායමේ නායකයා ලෙස ජයේන්ද්‍ර විජේසේකරද, එන්. එස්. බී. ජගුවර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ආසිරි ඉද්දමල්ගොඩද, ක්‍රවුන් ශාක්ස් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිෂාන්ත ද පෙරේරාද කටයුතු කරති.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවෝ දෙදෙනෙක්, ප්‍රවීන ක්‍රීඩකයෝ දෙදෙනෙක් සහ කනිෂ්ඨ ක්‍රීඩකයෙක් ඇතුළත් වෙති. එක් තරග වාරයක් පිරිමි කේවල, කාන්තා කේවල, විවෘත යුගළ, කනිෂ්ඨ පිරිමි කේවල සහ ප්‍රවීන පිරිමි යුගළ ලෙස තරග 5 කින් සමන්විත වේ. මෙහි විවෘත යුගළ තරගයේ පළමු අර්ධය මිශ්‍ර යුගළ තරගයක් ලෙස පැවැත්වෙන අතර දෙවැනි අර්ධය කාන්තා යුගළ තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමග තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වේ.

‘එස්. එල්. ටී. ටස්කර්ස්’ කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමද, ‘කාගීල්ස් ඊගල්ස්’ කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස කාගීල්ස් සමාගමද, ‘එන්. එස්. බී. ජගුවර්ස්’ කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවද, ‘ක්‍රවුන් ශාර්ක්ස්’ කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස ක්‍රවුන් පේන්ට්ස් සමාගමද කටයුතු කරයි.


‘එස්. එල්. ටී. ටස්කර්ස්’ කණ්ඩායම -
සුජානි බෝගොල්ලාගම (කළමනාකාරිණිය), ශලිනි ද සිල්වා (නායිකාව), නිශාංගන් නඩරාජා, අම්රිතා මුත්තයියා, අවින්ද්‍ර පෙරේරා, කේමාලි හේරත්, රුක්මාල් කුරේ, ගනේන්ද්‍රන් සුබ්‍රමනියම්, පෙරුමාල් ගනේෂ්

‘කාගීල්ස් ඊගල්ස්’ කණ්ඩායම -
අරුණ සෙනෙවිරත්න (කළමනාකරු), ජයේන්ද්‍ර විජේසේකර (නායක), ශානක අතුකෝරළ, හසිඳි ලොකුගේ, අර්චනා ලොකුගේ, අලන සෙනෙවිරත්න, උදිත් වික්‍රමසිංහ

‘එන්. එස්. බී. ජගුවර්ස්’ කණ්ඩායම -
අර්ජුන් ප්‍රනාන්දු (කළමනාකරු), ආසිරි ඉද්දමල්ගොඩ (නායක), යසිත ද සිල්වා, නෙත්මි වඩුගේ, ඉන්තුජන් සෙල්වරත්නරාජා, ප්‍රභාධි පෙරේරා, නේෂාන් ගුණසේකර, සංජය විජේමාන්න

‘ක්‍රවුන් ශාර්ක්ස්’ කණ්ඩායම -
දිනිත් පතිරාජ (කළමනාකරු), ක්‍රිෂාන්ත පෙරේරා (නායක), දිනේෂ්කාන්තන් තංගරාජා, අනිකා සෙනෙවිරත්න, විබුධ විජේබණ්ඩාර, ජනාලි මනම්පේරි, සොහාන් පැට්්‍රක්, චමින්ද ද සිල්වා, ජයන්ත කැළෑගම


තරග කාලසටහන

ජූනි 30 වැනිදා (පස්වරු 5.00) - කාගීල්ස් ඊගල්ස් සහ එස්. එල්. ටී. ටස්කර්ස්
ජූනි 30 වැනිදා (පස්වරු 7.00) - එන්. එස්. බී. ජගුවර්ස් සහ ක්‍රවුන් ශාර්ක්ස්
ජූලි 1 වැනිදා (පස්වරු 5.00) - එස්. එල්. ටී. ටස්කර්ස් සහ එන්. එස්. බී. ජගුවර්ස්
ජූලි 1 වැනිදා (පස්වරු 7.00) - ක්‍රවුන් ශාර්ක්ස් සහ කාගීල්ස් ඊගල්ස්
ජූලි 2 වැනිදා (පස්වරු 5.00) - එන්. එස්. බී. ජගුවර්ස් සහ කාගීල්ස් ඊගල්ස්
ජූලි 2 වැනිදා (පස්වරු 7.00) - එස්. එල්. ටී. ටස්කර්ස් සහ ක්‍රවුන් ශාර්ක්ස්  
ජූලි 3 වැනිදා (පස්වරු 7.00) - අවසන් මහ තරගය

 


අදහස් (0)

ශ්‍රී ලංකා ටෙනිස් ලීග් තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.