Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ අටවැනි දිනය වන හෙට (20 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක් තරග බිමට පිවිසීමට නියමිතය.
හෙට දිනයේදී යොවුන් කාණ්ඩයේ අවසන් පූර්ව තරග 20 ක් පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයංග පෙරේරා කි.ග්‍රෑ. 75 බර පංතියෙන්ද, හිරුණි ප්‍රනාන්දු කි.ග්‍රෑ. 54 බර පංතියෙන්ද, තිතගලා ගමගේ කි.ග්‍රෑ. 57 බර පංතියෙන්ද තරග වැදීමට සූදානමින් සිටිති. මෙම තරග මෙම තරගාවලිය තුළ ඔවුන් සහභාගි වන මුල්ම තරග වේ.
එහිදී ජයංගට එරෙහිව කසකස්ථානයේ බර්ඩලි සාසුලන්ද, හිරුණිට එරෙහිව වියට්නාමයේ වූ තී තොම්ද, තිතගලාට එරෙහිව කසකස්ථානයේ තර්සින්ගනි අක්නූර්ද තරග වදිනු ඇත. මෙම තරග 3 ම අවසන් පූර්ව තරග වන බැවින් එහිදී පරාජයට පත්වුවද, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාට ලෝකඩ පදක්කම් හිමිවනු ඇත.
මේ අතර වයස 22 න් පහළ කාණ්ඩයේ අවසන් පූර්ව තරගවලදී ජය ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන උමයංග මිහිරාන් (කි.ග්‍රෑ. 51 බර පංතිය), අෂේන් ෂෙහාර (කි.ග්‍රෑ. 54 බර පංතිය), දේෂාන් ජයසුන්දර (කි.ග්‍රෑ. 60 බර පංතිය) සහ මොහොමඩ් උසෙයිත් (කි.ග්‍රෑ. 75 බර පංතිය) අනිද්දා (21 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය.
එම තරගවලදී ජය ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුවහොත් ඔවුන්ට තමන් නියෝජනය කරන බර පංතිවල අවසන් මහ තරගවලට සුදුසුකම් ලබමින් රන් හෝ රිදී පදක්කම් කරා යෑමට අවස්ථාව උදාවනු ඇත. කෙසේ වුවත් එහිදී පරාජයට පත්වුව හොත් ඔවුන්ටද ලෝකඩ පදක්කම් වලින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.
මෙම තරගාවලිය තුළ මේ දක්වා ලෝකඩ පදක්කම් 11 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටින අතර ඉන් ක්‍රීඩිකාවන් දිනාගත් පදක්කම් 9 ම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වීම හේතුවෙන් හිමිකරගත් පදක්කම් වේ. ක්‍රීඩකයන් දිනාගත් පදක්කම් 2 පමණක් අර්ධ අවසන් පූර්ව වටයේදී ජය ලබා අවසන් පූර්ව වටයට පැමිණ, එහිදී පරාජයට පත්වීම හේතුවෙන් ලද පදක්කම් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.