Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ඉරණමක

ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ඉරණමක

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේදී පැවැත්වෙන 22 වැනි ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේ කනිෂ්ඨ යුගළ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් හතරම මූලික වටයේ තරග වලදී පරාජයට පත්විය.

ක්‍රිෂාන් වික්‍රමරත්න සමග එක්වූ ශ්‍රී ලංකාවේ අංක එකේ මේසපන්දු ක්‍රීඩක උදය රණසිංහ තායිලන්තයේ පස්සාර පැට්ටරතෝම්ට සහ පුයාන්ග්තිප් සිරවිට්ට එරෙහිව තරග වැදුණ අතර එහිදී ඔවුන්ට ජයගත හැකි වූයේ පළමු වටය (11/6) පමණි.

දෙවැනි, තෙවැනි සහ සිව්වැනි වට වලදී පිළිවෙළින් ලකුණු 11/7 ක්, 11/8 ක් සහ 11/7 ක් ලෙස ජය වාර්තා කළ තායිලන්ත ක්‍රීඩකයෝ වට 3-1 ක් ලෙස එම තරගය ජයගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කනිෂ්ඨ යුගළ ඉසව්වේ මූලික තරගවලට සහභාගි වූ සෙසු කණ්ඩායම් වලට එක් තරග වටයක් හෝ ජයගැනීමට නොහැකි වූ අතර ඔවුහු වට 3--0 ක් ලෙස එම තරග පරාජයට පත් වූහ.


කනිෂ්ඨ බාලක යුගළ තරග ප්‍රතිඵල

■    පස්සාර පැට්ටරතෝම් සහ පුයාන්ග්තිප් සිරවිට් (තායිලන්තය) විසින් තරග වට 3-1 ක් ලෙස  උදය රණසිංහ සහ ක්‍රිෂාන් වික්‍රමරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (6/11, 11/7, 11/8, 11/7)
■    හුවාන් චෙයින් සහ ලියු යුන් ජූ (චීන තායිපේ)විසින් තරග වට 3-0 ක් ලෙස  සුපුන වරුසවිතාන සහ දිසංක තෙන්නකෝන් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (11/6, 11/5, 11/6)


කනිෂ්ඨ බාලිකා යුගළ

■    කලංගේ රවිචන්ද්‍රන් සහ සෙල්වකුමාර් සෙලීනා (ඉන්දියාව) විසින් තරග වට 3-0 ක් ලෙස හංසනී පියුමිලා සහ චමත්සරා ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (11/8, 11/7, 11/6)
■    ලොයූ කුයි සහ ලුංග් වැයි චූ (හොං කොං) විසින් තරග වට 3-0 ක් ලෙස මතුමාලි සපදෝරු සහ ශේෂලා බණ්ඩාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (11/7, 11/7, 11/6)

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ඉරණමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.